gossiplanka alexa ඇමරිකාව චීනයේ ඔලිම්පික් වර්ජනය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකාව චීනයේ ඔලිම්පික් වර්ජනය කරයි

2022 වසරේ දී චීනයේ බීජිං නුවර දී පැවැත්වීමට නියමිත ශ්‍රීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. කිසිදු නිල නියෝජිත පිරිසක් මෙම ක්‍රීඩා උළෙලට නොයවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. 

චීනයේ මානව හිමිකම් වාර්තාව පිළිබඳ කනස්සල්ල පළ කරනු පිණිස මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. චීන ඔලිම්පික් උළෙලේ උද්‍යෝගයට තම රටේ ක්‍රීඩා පරිපාලනය දායක නොවන බව ධවල මන්දිර මාධ්‍ය ලේකවරිය ප්‍රකාශ කරනවා. 

"ක්‍රීඩා උළෙල සඳහා පුහුණුවීම්වල යෙදී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට සහභාගී වීම අපි නොවලක්වමු. නමුත් 2022 ක්‍රීඩා උළෙලට නිල වශයෙන් එක්සත් ජනපද නියෝජිත පිරිසක් නොයැවීම ඔස්සේ අපි චීනයේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පැහැදිලි දේශපාලන පණිවිඩයක් යවන්නෙමු"  ඇය පවසා සිටිනවා. 

එහෙත් එක්සත් ජනපද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ පූර්ණ සහයෝගය යටතේ මෙම තරඟාවලියේ ඉසව්වලට සහභාගී විය හැකි බව ඇය වැඩි දුරටත් කියා සිටිනවා. 

තම රටේ පැවැත්වෙන ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට ඇමරිකාව ක්‍රියා කළහොත් සුදුසු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව චීනය පෙර දී ප්‍රකාශ කර තිබුණා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu