gossiplanka alexa "කොන්දේසිවලට යටත් විය නොහැකියි, ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"කොන්දේසිවලට යටත් විය නොහැකියි, ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ"

මෙරට ප්‍රදේශ ‍රැසකින් සිදු වූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම රජය විසින් තාවකාලිකව අත් හිටවූ අතර පාරිභෝගික සේවා අධිකාරිය විසින් කොන්දේසි තුනකට යටත්ව වෙළඳපොළට නැවත ගෑස් නිකුත් කිරීම සඳහා අවසර ලබා දුන්නා. 

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ, සුවද හදුනා ගැනීම සඳහා “මර්කප්ටන්” අඩංගු කිරීම, නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සියයකින් එකක් පරීක්ෂා කර සිීරියල් අංකය පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම එම කොන්දේසි තුන වනවා. 

නමුත් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පැනවූ එම කොන්දේසිවලට යටත්ව වෙළඳපොළට ගෑස් නිකුත් කළ නොහැකි බව ගෑස් සමාගම් පවසනවා. මේ සම්බන්ධයෙන් අද දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා කියා සිටිනවා. එම නිසා කිසිම සමාගමකින් මේ වනතුරුත් ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ නැති බව සභාපතිවරයා වැඩි දුරටත් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu