gossiplanka alexa ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඩොලර් ප්‍රශ්නය තවත් උග්‍ර අතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඩොලර් ප්‍රශ්නය තවත් උග්‍ර අතට

න්ධන මිල ඉහළ දැමීමෙන් විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට හැරීමට ඉඩ ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පෙන්වා දෙනවා. 

"මෙරට මේ වනවිට ඩොලර්වලට පවත්නා ප්‍රශ්නයේ දී ලබන වසර වන විට අපි ඩොලර් බිලියන 6.9ක ණය හා වාරික ප්‍රමාණයක් ගෙවිය යුතු වනවා. එවැනි අවස්ථාවක තමයි මේ තෙල් මිල ඉහළ දමන්නේ. මෙම මිල ඉහළ දැමීම තුළ පාරිභෝජනය අඩු කිරීම බලාපොරොත්තුවනවා. තෙල් කියන්නෙ ජනතාව එදිනෙදා ප්‍රවාහනයට භාවිතා කරනවා වගේම බලශක්ති මූලයක්. විදුලි බලය නිපදවීමට, කර්මාන්තවලට, තෙල් යොදා ගන්නවා.  තෙල් උපයෝගී කරගනිමින් අතුරු නිෂ්පාදන ගණනාවක් සිදු කරනවා. 

එම නිසා මේ සියළු නිෂ්පාදනවල පිරිවැය ඉහළ යනවා. විශේෂයෙන්ම තෙල් අන්තර්භාණ්ඩයක්. නිෂ්පාදනවල පිරිවැය ඉහළ යන නිසා අපනයන වෙළඳපොළේ දී අපේ නිෂ්පාදනවලට ගැටළුවක් වෙලා එය අපනයන ආදායම අඩු කිරීමට හේතුවනවා. 

මෙය විෂම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා ප්‍රශ්නයට පිළිතුරක් කෙසේ වෙතත් ප්‍රශ්නය තවත් උග්‍ර වීමට තෙල් මිල ඉහළ දැමීම හේතුවක් විය හැකියි" මහාචාර්යවරයා අදහස් දක්වමින් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu