gossiplanka alexa චීනයේ නගරයක් සම්පූර්ණයෙන් වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ නගරයක් සම්පූර්ණයෙන් වසා දමයි

චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරය අද (23) මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්. එම නගරය කුමන කාලයක් වසා දමන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නැහැ. 

ෂියෑන් නගරයේ පුද්ගලයින් මිලියන 13කට අධික පිරිසක් සිටින අතර නගරය වසා දැමීමෙන් පසු ඔවුන්ට දැඩි සංචරණ සීමාවලට යටත් වීමට සිදුවනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පවුලකින් එක් පුද්ගලයෙකුට දින දෙකකට වරක් අවස්ථාව හිමිවන අතර නගරයේ අත්‍යාවශ්‍ය නොවන සියළුම ව්‍යාපාර ස්ථාන වසා දැමෙනවා. එසේම රජයේ සේවකයින්ට ද නිවෙස් වල සිට රාජකාරී කටයුතු සිදු කිරීමට සිදුවනවා. 

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ චීනයේ ය. ඒ වන විට චීනය කොරෝනා වෛරසයෙන් තොර රටක් ලෙස පැවතීම චීනයේ අරමුණයි. ඒ සඳහා රට පුරා කොරොනා ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ආසාදිතයින් වාර්තාවන නගර වසා දමා සංචරණ සීමා දැඩි කිරීමට ඔවුන් කටයුතු කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu