gossiplanka alexa 2035 වන විට ඉන්ධනවලින් ක්‍රියාකරන වාහන තහනම් කරන රටක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2035 වන විට ඉන්ධනවලින් ක්‍රියාකරන වාහන තහනම් කරන රටක්

2035 වන විට ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. වායු විමෝචනය අඩු කිරීම සහ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. 

2030 වන විට විමෝචනය 65% කින් අඩු කිරීමට සමස්ත ෆෙඩරල් රජයේ මෙහෙයුම් සැලැස්ම යටතේ සැලසුම් කර තිබෙනවා. එසේම අමෙරිකා රජය උත්සහා කරන්නේ 2030 වන විට ශුද්ධ වාර්ෂික පදනමින් කාබන් රහිත සහ දූෂිත නොවන ප්‍රභවයන්ගෙන් පමණක් විදුලිය පරිභෝජනය කිරීමටයි. ඒ අනුව 2050 වන විට ඔවුන් වායු විමෝචනය ශූන්‍ය කිරීමට අදහස් කරනවා. 

මේ වන විට අමෙරිකානු රජය සතුව වාහන 650,000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර වාර්ෂිකව මිලදී ගන්නා ප්‍රමාණය 50,000ක් පමණ වනවා. 2027 වර්ෂය වන විට රජය විසින් මිලදී ගනු ලබන සැහැල්ලු වාහන වායු විමෝචනයෙන් තොර වාහන විය යුතු බවට ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව සැලසුම් කර තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu