gossiplanka alexa ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අළුත්ම තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අළුත්ම තත්ත්වය

දින තුනක් තුළ මෙරට ඉන්ධන සංචිතයට ඉන්ධන මෙට්‍රික් ටොන් 116,000ක් එකතුවන බව පැවසෙනවා. 

ඉන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ‍රැගත් නෞකාවක් ඊයේ දිනයේ දී මෙරටට පැමිණ තිබුණ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් ‍රැගත් නෞකාව අද මෙරටට පැමිණීමට නියමිතයි. එසේම හෙට දිනයේ දී ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ‍රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව තිබෙනවා. 

මෙම ඉන්ධන තොග ගෙනවිත් ඇත්තේ ණය පදනම මත බවයි ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ. 

ගෙනෙන ලද ඉන්ධන සම්පූර්ණයෙන්ම ගොඩබෑම සඳහා දින 4ක කාලයක් ගතවන බවයි ප්‍රකාශ කෙරුණේ.  

මේ අතර රට තුළ ඇති ඉන්ධන තොග ප්‍රමාණයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. 

පෙට්‍රල් තව දින 8-10කට පමණ ප්‍රමාණවත් බව ද ඩීසල් තව දින 10කට පමණ ප්‍රමාණවත් බව ද ඔහු ඊයේ සඳහන් කලා. 

ඒ අනුව ඇණවුම් කල තෙල් සහ දැනට පවතින තෙල් අනුව මාසයකට පමණ ප්‍රමාණවත් ඉන්ධන ඇති බවයි ඔහු පවසන්නේ. 

මේ අතර ඛනිජ තෙල් වෘතීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ ආණ්ඩුව මොන දේ පැවසුවත් රට තුළ බරපතල ඉන්ධන අර්බුදයක් තිබෙන බවයි. 

"ඉන්ධන නැව එන්න කලින් පෙට්‍රල් තිබුණේ අන්තිම හරියේ. ටැංකිවල වතුර ගහල තමයි පෙට්‍රල් ටික උඩට ගත්තේ. මේ තියන ප්‍රමාණ ඉවර වුණාම අතිරේක තොග අනෙති නිසා ඊළඟට එන නැවේ ප්‍රමිතියක් නැති වුණොත් විශාල ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා" යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu