gossiplanka alexa පොලීස් කූඩුවේදී මියගිය පනාමුරේ තරුණයා අත්අඩංගුවට ගත්තේ ඇයි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලීස් කූඩුවේදී මියගිය පනාමුරේ තරුණයා අත්අඩංගුවට ගත්තේ ඇයි?

ඹිලිපිටිය පනාමුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ දී මිය යෑම හේතුවෙන් පනාමුර වැසියන් සහ එම පුද්ගලයාගේ ඥාතීන් විසින් පනාමුර පොලීසිය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කල අතර පොලීසියට ගල් මුල් ප්‍රහාරද එල්ල කලා. මෙම විරෝධතාවය මැඩ පැවැත්වීමට පොලිස් ස්ථාන දෙකක නිලධාරීන් ද යෙදවීමට පොලීසියට සිදු වුණා. 

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 38 වයසැති තිදෙරු පියෙක්. ඔහුට අවුරුදු 14, අවුරුදු 8ක සහ අවුරුදු 3ක දියණියන් තිදෙනෙක් සිටිනවා. එම පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දියණිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි. 

2021.11.12 වන දින ඔහුගේ වැඩිමල් දියණිය විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ පොල්ලකින් සහ අතින් පයින් ගසා තම පියා තමන්ට බරපතල තුවාල සිදු කල බවයි. ඇය ඉන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගතව තිබෙනවා. පොලීසියෙන් එම පැමිණිල්ල කල දා සිට අදාළ පුද්ගලයා සොයා ඇති නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ඉකුත් 16 වන දින රාත්‍රී 10.30 පමණය. 

මිය ගිය පුද්ගලයා බීමවත්ව පැමිණ තමන්ට හිරිහැර කරදර සිදු කරන බව ඔහුගේ බිරිඳ විසින් අවස්ථා කිහිපයක දීම පනාමුරේ පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 7ක් පමණ බව පැවසෙනවා. 

2017 වසරේ පැමිණිලි දෙකක් සිදු කර ඇති අතර ඉන් එක් පැමිණිල්ලක් අවවාද කර සමථයකට පත් කර තිබෙනවා. අනෙක් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තිබෙනවා. නැවත 2018 වසරේදී පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර අවවාද කර මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ. එසේම නැවත 2020 වසරේදී ඔහුගේ බිරිඳ විසින් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එකක් සමථයකට පත්ව අනෙක බිරිඳ විසින්ම ඉල්ලා අස් කර ගෙන තිබෙනවා. 2021 අගෝස්තු මස ද ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර එය නැවත ඉල්ලා අස්කරගෙන තිබෙනවා. 

ඉන් අනතුරුව ඔහුගේ දියණිය විසින් සිදුකල පැමිණිල්ලකට අනුව ඔහු පසුගිය 16 වන දින අත් අඩංගුවට පත්ව ඇති අතර අත් අඩංගුවේ පසුවන අතර තුර ඔහු මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධය මතුවුණා. 

පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයා පොලිස් කූඩුව තුළ රඳවා තිබෙනවා. අළුයම ඔහු සිය කමිසයෙන් පොලිස් කූඩුවේ යකඩ කූරක එල්ලී සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇති අතර රාත්‍රී රාජකාරියේ යෙදුනු නිලධාරියෙකු වහා ඉදිරිපත් වී සෙසු නිලධාරීන් ද සමඟ ඔහු ඇඹිලිපිටිය රෝහල වෙත ‍රැගෙන ගොස් තිබෙනවා. ඉන් අනතුරුව මේ පුද්ගලයාගේ ඥාතීන්ට ද මේ බව දැනුම් දී අතර ඥාතීන් රෝහල වෙත ගොස් විමසා බලද්දී එම පුද්ගලයා මරණයට පත්ව ඇති බව දැනගන්නට ලැබෙනවා. 

මේ අතර සමගි ජන බලවේගයේ ඇතැම් දේශපාලඥයින් මෙම තරුණයා මියයෑම නොබෝදා පැවති එම පක්ෂයේ උද්ඝෝෂණයට සම්බන්ධ කර පොලිස් පහර දීමක් යැයි අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා හරින බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ දියණිය විසින් 2021.11.12 දින කල පැමිණිල්ලකට අනුව බවත් එය 16 වන දින පැවති සමඟි ජනබලවේග පක්ෂයේ ‍රැලියට කිසිසේත්ම අදාළ නොවන බවත් අමාත්‍යවරයා පවසනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පනාමුරේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ සේවය තහනම් කර ඇති අතර පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu