gossiplanka alexa රට වසා දැමුව ද ඔමික්‍රෝන් ජපානය ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට වසා දැමුව ද ඔමික්‍රෝන් ජපානය ආක්‍රමණය කරයි

මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තම රටට ඇතුල් වීම වැළැක්වීම සඳහා ජපන් රජය සියළු විදේශිකයින්ට ජපානයට පැමිණීම ඊයේ (29) සිට තහනම් කල ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙකු ජපානයෙන් ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම පුද්ගලයා නැමීබියාවේ සංචාරය කර ජපානයට නැවත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. 

මේ අතර ඕස්ට්‍රේලියාවේ ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමාජගත වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සැක පල කරනවා. එම කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු ඔහු ආසාදිතයෙකු බව හඳුනාගැනීමට පෙර සක්‍රීය ලෙස සමාජයේ ගැවසී තිබීම එම නිගමයට හේතු වී තිබෙනවා. 

ඔහු සිඩ්නි නගරයේ ප්‍රධාන වෙළඳ සංකීරණයකට ද ගොස් ඇති අතර මේ වන විට ගුවන් සංචාරයක දී ඔහු සමඟ ගමන් ගත් මගීන් 14 දෙනෙකුට ද නිරෝධායට යොමුවන ලෙස එරට රජය විසින් දන්වා තිබෙනවා. 

මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu