gossiplanka alexa බටහිර වෛද්‍යවරු දේශීය වෛද්‍ය විද්‍යාවට එරෙහි වෙයි ? දේශීය වෛද්‍යවරු නඩු මඟට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බටහිර වෛද්‍යවරු දේශීය වෛද්‍ය විද්‍යාවට එරෙහි වෙයි ? දේශීය වෛද්‍යවරු නඩු මඟට

ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙළමින් සිටින බවත් ජනතාවට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය අහිමි කරමින් සිටින බවත්  දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරනවා. එම සංගමය පවසන්නේ මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. 

දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැඳවුම්කරු සුමුදු ලියනාරච්චි මහත්මිය පවසන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරු ආබාධ සදහා ආර්යුවේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීමට හැකියාව පවතින බවයි. එසේ අතුරු ආබාධ ඇති පුද්ගලයින් සදහා කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව සමඟ එක්ව පැවැත්වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාධා එල්ලකරමින් සිටින බව ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා තිබෙනවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට මාධ්‍ය හමුවේ අදහස් දැක්වුව ද ඔහු දේශීය හා ආර්යුවේද වෛද්‍ය ප‍්‍රතිකාර සදහා බාධා පමුණවමින් කටයුතු කරන බව වෛද්‍ය සුමුදු ලියනාරච්චි සඳහන් කරනවා. 

රජයේ ලියාපදිංචි දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ට මෙරට රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම වැළැක්වීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන්නේ ඔහු ඇතුළු කණ්ඩායමට හෙළ වෙදකම මේ රටින් තුරන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නිසාද යැයි ඇය ප්‍රශ්න කරනවා. 

අම්පාර ප්‍රදේශයේ පැවති දේශීය වෛද්‍ය සායනයකට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට ද බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් කටයුතු කර ඇති බව ඇය පවසනවා. 

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව පුද්ගලයින් බොහෝ දෙනෙකුට අතුරු ආබාධ ඇති වී තිබෙන බවත් එම අතුරු ආබාධ ඇති පුද්ගලයින්ට දේශීය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් වෛද්‍ය සුමුදු ලියනාරච්චි වැඩි දුරටත් කියා සිටිනවා. බටහිර වෛද්‍ය විද්‍යාව මෙරටට පැමිණීමට වසර දහස් ගණනකටත් පෙර මෙම ක්‍රමය ලෝකයේ ක්‍රියාත්මක වූ බව සහ පාරම්පරික වෛද්‍ය දැනුම අනුව බිහිවූ දේශිය වෛද්‍ය ක‍්‍රමයත්, ආර්යුවේද වෛද්‍ය ක‍්‍රමයත් ලොව පිළිගත් වෛද්‍ය ක්‍රම බව බටහිර වෛද්‍යවරුන් අමතක නොකළ යුතු බවයි වෛද්‍යවරිය අවධාරණය කර සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu