gossiplanka alexa අධික වර්ෂාව නිසා පුද්ගල මරණ 15ක්, ජලාශවල වාන් දොර‍ටු විවෘත කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධික වර්ෂාව නිසා පුද්ගල මරණ 15ක්, ජලාශවල වාන් දොර‍ටු විවෘත කෙරේ

ද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර සහ නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදාවට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 28,000ක්. 

නාය යෑමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 4ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ දොඹේවල ප්‍රදේශයේ සිදුවූ නාය යෑමක් නිසා එකම පවුලේ මව, දියණිය සහ ඔවුන්ගේ ඥාති දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර නාරම්මල වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩන් වැටීම නිසා අවුරුදු 23ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනෙක් මරණ බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්ත්ලම සහ ගාල්ල යන ප්‍රදේශවලින් වාර්තා වුණා. 

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මාතලේ සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නාය යෑමේ රතු  නිවේදනය ඉදිරි කාලය දක්වාත් දීර්ඝ කර තිබෙනවා. කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ නාය යෑමේ ලක්ෂණ නීරීක්ෂණය වේ නම් හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි. 

දිවයිනේ වැඩිම වර්ෂාපතනය නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය මිලිමීටර් 300ක්. කළු, කැලණි, නිල්වලා, මහ ඔය සහ ගිං ගඟ ආශ්‍රිතව පහත් බිම් ‍රැසක් ජලයෙන් යටවී තිබෙනවා. 

රාජාංගණය, දැදුරු ප්ය, පොල්ගොල්ල, වික්ටෝරියා යන ජලාශවල දිර‍ටු 4ක්  බැඟින්ද, කොත්මලේ ජලාශයේ වාන් දිර‍ටු 3ක් ද, කුකුළේ ගඟ සග අංගමුව ජලාශවල වාන් දිර‍ටු 2 බැඟින් ද, මහවිලච්චිය සහ තුරුවිල ජලාශයේ වාන් දොර‍ටු එක බඟින්ද විවෘත කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. 

weather report

weather report

situation report


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu