gossiplanka alexa දුම්රියේ ගැටෙන අලින් බේරගන්න සිසුන් හදපු නිර්මාණයට මොකද වුණේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රියේ ගැටෙන අලින් බේරගන්න සිසුන් හදපු නිර්මාණයට මොකද වුණේ ?

මෙරට ඇති දුම්රිය මාර්ග බොහොමයක් අලිමංකඩවල් හරහා වැටී තිබීන හේතුවෙන් එදා මෙදා තුර අලි ඇතුන් බොහොමයක් දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. සමාන්‍යයෙන් වසරක දී ලංකාවේ දුම්රිය මාර්ගයේ සිදුවන අලි මරණ සංඛ්‍යාව 15ක් පමණ වනවා. 2021 දී රට වසා දමා තිබියදීත් දුම්රියන්හි ගැටී මිය ගිය අලින් සංඛ්‍යාව 3ක් ලෙස සඳහන් වනවා. 

මේ සඳහා මෙතෙක් ඇති කරනු ලැබූ විකල්ප සියල්ලම අසාර්ථක වී තිබෙන අතර දුම්රිය රියදුරන් අනතුරු සිදුවන ස්ථාන ගැන දැනුවත් කරන විවිධ ක්‍රම සහ විධි ගැන කතා බහ වුව ද ඒ කිසිවක් කල් පවතින තත්ත්වයට යථාර්තවාදීව සම්බන්ධ වූයේ නැහැ. 

පරිසරයට ආදරය කරන්නන් සහ වන අලින් ගැන උනන්දු වන්නන් හැර පොදු සමාජයේ අවධානයක් මේ ගැටළුවට යොමුවී ඇතැයි සිතිය නොහැක.

වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ උසස් පෙළ සිසුන් පිරිසක් මෙම ගැටළුවට විසඳුමක් නවීම තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර තිබුණත් ඊට නිසි අවධානයක් මෙතෙක් යොමු වී නැති බව පැවසෙනවා. 

වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ අ.පො.ස උසස්පෙළ හදාරන චාමික ලක්ෂාන්, චතුර මධුෂාන්, ඉසුරු සංජන, අසන්ත සෙව්මිණ, ඉසංක ලලිත් යන සිසුන් තාක්ෂණය විෂයභාර ආචාරිනී සන්ධ්‍යා ප්‍රියදර්ශනී මහත්මියගේ මඟපෙන්වීම යටතේ නවෝත්පාදනය කෙරෙහි යොමුවී මෙම නව නිර්මාණය සිදුකර තිබෙනවා. 

මෙම නව නිර්මාණය කිරීමට දායක වූ චාමික ලක්ෂාන් සිසුවාගේ අදහස්

"ලංකාවේ වන අලින් දුම්රිය මාර්ගයන්හිදී දුම්රියේ ගැටී මියයන ඛේදජනක අවස්ථා පිළිබඳව නිරන්තරයෙන් දැකීම නිසා අප තුළ ඒ පිළිබඳව විශාල කම්පනයක් ඇති වුණා. ඒ නිසාම මෙම ගැටළුව විසඳීම සඳහා නව නිර්මාණයක් බිහි කළා නම් එය අපේ රටට වගේම මෙම ගැටළුවට මුහුණ දී සිටින ඉන්දියාව වැනි රටවලට ද ඉතා වැදගත් බව අපට පෙනුණා. ඒ නිසාම අපි ඒ පිළිබඳ පර්යේෂණයක නිරත වුණා.

එහිදී අපට තේරුම් ගත හැකි එක් සාධකයක් වූයේ ලංකාවේ වන අලින් නිතර ගැවසෙන ප්‍රදේශ සහ ඔවුන් දුම්රිය මාර්ග හරහා ගමන් කරන ස්ථාන දීර්ඝ කාලයක් මුළුල්ලේම නොවෙනස්ව පවතින බවයි. වන අලි නිතර ගැවසෙන දුම්රිය මාර්ග නිරීක්ෂණය කරනන් අප පෙළඹුණා. අපට ලැබුණු දත්ත අනුව අපි අපේ පද්ධතිය නිර්මානය කළා. අපේ පද්ධතිය කොටස් දෙකකින් සමන්විතයි. 

අප මුලින්ම කළේ වන අලින් රේල් පාරට සමීපවන අවස්ථාව හඳුනාගෙන හැකි සංවේදක පද්ධතියක් නිර්මාණය කිරීමයි. පද්ධතිය පිහි‍ටුවන්නේ අලින් නිතර ගැවසෙන බව නිශ්චිත ලෙසම හඳුනා ගත් ප්‍රදේශවලයි. මෙහිදී සිදුවන්නේ එම ප්‍රදේශයේ සවි කරන නවීන සංවේදකය මඟින් ප්‍රධාන කාර්යයන් තුනක් අප ඉලක්ක කරනවා. 

වන අලින්ගේ බර ප්‍රමාණය හඳුනාගැනීම, ඔවුන්ගේ චලනයක් හඳුනාගැනීම, ශරීර උෂ්ණත්වය හඳුනා ගැනීම එම ඉලක්කයි. ඒ සඳහා නිශ්චිත ස්ථානවල සංවේදක ස්ථානගත කරනවා. ඒ හරහා වන අලිත් නිතර ගැවසෙන දුම්රිය මාර්ගයක එම ස්ථානයට අලින් පැමිණෙන විට අලිමංකඩ පියමං කරන විට මෙම සංවේදක මඟින් ඉහත තුන් ආකාරයකට අලියාගේ පැමිණීම හඳුනා ගන්නවා. 

සංවේදකය මඟින් ජංගම දුරකතනයක් හරහා වහාම ආසන්න දුම්රිය ස්ථානට වෙත කෙටි මණිවිඩයක් මඟින් දැනුවත් කෙරෙනවා. මෙහිදී විශේෂ කාර්යයක් ඉ‍ටු වෙනවා. එනම් වන අලින් පලවා හැරීමට සමත් සංඛ්‍යාතයන්ගෙන් ශබ්ද තරංග නිකුත් කෙරෙනවා. මෙම ශබ්ද තරංග වන අලින්ට දරාගත නොහැකිවන අතර අලින් එම ස්ථානයෙන් ඉක්මණින් ඉවත්වෙනවා. එහෙත් එකම ශබ්ද තරංග ආයාමය දිගටම පැවතීමෙන් ඔවුන් ඊට හුරු වෙනවා. 

රේල් පාර ආසන්නයේ ඇති සංවේදක පද්ධතිය මඟින් ශබ්ද තරංග නිකුත් කිරීමට අමතරව ගමන්කරන දුම්රියක ඉහළ කොටසේ ද මෙම ආකාරයේ ශබ්ද තරංග නිකුත් කරන පද්ධතියක් සවි කරනවා. දුම්රිය අලින් ගමන් කරන ස්ථානය ආසන්නයට පැමිණියහොත් දුම්රියේ ඇති ශබ්ද තරංග පද්ධතිය කොපමණ දුරකින් දුම්රිය තිබේ ද යන්න හඳුනාගෙන ඊට ශබ්ද තරංග නිකුත් කළ නොහැකි දුරකින් තිබේ නම් වහාම තම පද්ධතිය මඟින් අලි පලවා හැරීම සඳහා ශබ්ද තරංග ක්‍රියාත්මක කරනු ලබනවා. 

මෙසේ එකතුකරගන්න සියළු දත්ත අපි පරිගණක වැඩසටහනක ගබඩා කර ගන්නවා. ඒ හරහා වන අලින් නිතර ගැවසෙන ප්‍රදේශ මෙන්ම රේල් පාර හරහා පිය මං වන වාර ගණන, වේලාව ආදී විස්තර ද ලබාගත හැකි වෙනවා. එම දත්ත වන අලින් ගම්වැදීම ආදී වෙනත් අවස්ථාවන් සඳහා ද යොදා ගත හැකිවනවා. 

අපි අපේ නව නිර්මාණය 2018 වසරේ කැළණිය විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ නව නිර්මාණ තරඟාවලියට ඉදිරිපත් කර ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරුව මෙම නිර්මාණය ජාතික පේටන්ට් බලපත්‍ර ආයතනයට ඉදිරිපත් කළා. 

අලි-ඇතුන් දුම්රිය මාර්ගවල අනතුරට ලක්වීම නිරන්තරයෙන් සිදුවනවා. අප විසින් කරන ලද පර්යේෂණයේ ප්‍රතිපල අත් දකින්න අපි ඉතා කැමැත්තෙන් ඉන්නවා. නමුත් අදාළ අංශවලින් නිසි අවධානයක නොලැබීම කණගා‍ටුවට කරුණක්"

උපුටා ගැනීම : මව්බිම



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu