gossiplanka alexa පාසැල් දරුවන් එනනත්කරණ වැඩසටහන ගැන ගුරු විදුහල්පති තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් දරුවන් එනනත්කරණ වැඩසටහන ගැන ගුරු විදුහල්පති තීරණය

යස අවුරුදු 18 සහ 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පාසැල් තුළදී ලබා දීම ඔක්තෝබර් 21 වන දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. එහි පළමු අදියර ලෙස මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාශවල දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට (15) සිට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතාව හේතුවෙන් එම වෘත්තීය සමිති මේ වන විට වැඩ වර්ජනයක නිරත වෙමින් සිටින නිසා ඔවුන් පවසා ඇත්තේ මෙම එන්නත්කරණ වැඩසටහනට තමන් ඍජුව මැදිහත්වීමක් සිදු නොකරන බවයි. 

නමුත් දරුවන් දැනුවත් කිරීම සහ අවශ්‍ය නාම ලේඛන සැපයීම පමණක් සිදු කිරීමට ගුරු -විදුහල්පතිවරුන් සහාය දක්වන බව එම වෘත්තීය සමිති පවසනවා. 

සියළුම දරු දැරියන් තම හැඳුනුම්පත සමඟ එන්නත්කරණ වැඩසටහනය සහභාගී විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසන්නේ. අ.පො.ස උසස් පෙල සඳහා එක් වරක් පෙනී සිටි සිසුන්ට සහ ප්‍රථම වතාවට මෙවර පෙනී සිටින සිසුන්ට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය සිසු දරුවන්ට දැනුම් දෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම කලාප වල එන්නත් කිරීම සිදුවන බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර තම පාසැලේ විදුහල්පතිවරයාගෙන් විමසීම් කරන ලෙසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu