gossiplanka alexa 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව

මානය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින්  දී ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ටහ්රඟාවලිය නැරඹීම සඳහා ප්‍රක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව මෙම තරඟාවලිය පුරාම ක්‍රීඩාංගනයේ ආසන ධාරිතාවයෙන් 70%ක ප්‍රමාණයක් සඳහා තරඟ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවනු ඇති. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන විශාලතම තරඟාවලිය මෙය වනවා. 

තරඟය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් කොවිඩ් 19 වෛරස් නීති රාමුවට අනුව කටයුතු කළ යුතු බව අයි.සී.සී ය පවසනවා. මේ වන විටත් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි ඇති බවයි සඳහන් වන්නේ. 

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එරට පැවති කොවිඩ් වෛරස් තත්ත්වය හේතුවෙන් එම තරඟාවලිය ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කෙරුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu