gossiplanka alexa සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයක - සමාගම් සැපයුම් නතර කිරීමේ තීරණයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයක - සමාගම් සැපයුම් නතර කිරීමේ තීරණයක

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක් (කෝටි 1200ක්) ගෙවීම මෙතෙක් පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයේ අංශ ‍රැසක කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වද් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 

මේ හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් ‍රැසක් අඩාල වීමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම ඔහු පවසන්නේ මෙවන් පසුබිමක වුවද මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් පවා සිදු නොකරමින්, සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර අයාලේ යන තත්ත්වයකට පත් කර ඇති බවයි. 

මෙසේ ගෙවීම පැහැර හැර ඇති මුදල් අතර රුපියල් බිලියනක් පමණ වසරකට වඩා වැඩි කාලයක් තුළ ගෙවා නොමැති ණය මුදල් බවත්, රුපියල් බිලියන 4ක් පමණ මාස 6කට වඩා පැරණි ඒවා බවත් සභාපතිවරයා පවසනවා. එසේම ඔක්සිජන් සැපයුම් සඳහා පමණක්  රුපියල් මිලියන 150ක් ණය වී ඇති අතර, රසායනාගාර සේවා සඳහා රුපියල් මිලියන 2500කට වඩා වැඩි ණය මුදලක් පියවීමට ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා. 

මේ හේතුව නිසා සමාගම් ගණනාවක් ඉදිරියේ දී තම සේවාවන් අත් හි‍ටුවීමට තීරණය කර ඇති බවත් පසු ගිය සතියේ දී ඔක්සිජන් සපයන සමාගම් සිය සැපයුම් නතර කිරීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි දැඩි සත්කාර සේවාවන් සියල්ල දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසනවා. එසේම මේ හේතුවෙන් MRI, CT ස්කෑන්, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර අංශ සහ රසායනාගාර සේවාවන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවයි රවි කුමුදේශ් මහතා අනතුරු අඟවන්නේ. 

අනවශ්‍ය උපකරණ සහ වියදම් සහිත ප්‍රතික්‍රීයක ගෙන්වමින් අනවශ්‍ය වියදම් ගණනාවක් මේ වන විට සිදුවෙමින් ඇති බවත් සමහර රෝහල් රසායනාගාර තුළ විශාල මිල ගණන් සහිත අළුත් උපකරණ නිකරුනේ ගොඩ ගසා ඇති බවත් සභාපතිවරයා හෙළිදරව් කරනවා. ඇතැම් උපකරණ නිසා රුපියල් 4කට පමණ සිදු කල හැකි පරීක්ෂණ රුපියල් 20ක පමණ මුදලක් වැයවන බවත් සමස්තයක් ලෙස ප්‍රතික්‍රීයක මිල හතර ගුණයකින් පමණ වැඩිවන තත්ත්වයක් මතුව තිබෙන බවත් ඔහු පවසනවා. මෙම සියදම් සියල්ල ණය කන්දරාවක් ලෙස එකතුවෙමින් පවතින නිසා වියදම් පාලනය කර නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන්නේ නම් සෞඛ්‍ය සේවය බරපතල අර්බුදලයකට මුහුණ පෑම වැළැක්විය නොහැකි බවයි රවි කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ. 

ආශ්‍රිත - මව්බිම


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu