gossiplanka alexa පිළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධය ගැන වෛද්‍යවරුන්ගේ විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධය ගැන වෛද්‍යවරුන්ගේ විරෝධය

පිළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ ජොදාස් එක්ස්පොයිම් (M/S Jodas Expoim) නම් සමාගමෙන් මෙම පැබ්ලොසිස්ලිබ් නම් ඖෂධය ගෙන්වා තිබෙනවා.

මෙලෙස ගෙන්වා ඇති Pablociclib ඖෂධ ඇසුරුමෙහි පෙති 30ක් ඇති අතර එම ඖෂධය දින 21ක් එක දිගට භාවිතා කල යුතුවනවා. ඉන් සතියකට පසු නැවත දින 28ක් එක දිගට එම ඖෂධය ලබා දිය යුතුයි. ඇසුරුමේ පවතින දෝෂ සහිත තත්ත්වය නිසා රෝගීන්ට නිසිලෙස වෛද්‍ය උපදෙස් පිළිපැඳීමට නොහැකි වන අතර දින 21කින් පසු පෙති 9ක් භාවිතා කල නොහැකි තත්ත්වයට පත්වනවා. කිසිදු රෝගියෙකුට මාත්‍රා 30ක් එක දිගට නිර්දේශ නොකරන බැවින් මිලිග්‍රෑම් 125 කරල් 30ක් අඩංගු මෙම ඇසුරුමෙහි අඩංගු වීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ. 

මෙම ඖෂධය නිසා රෝගීන්ගේ සමට යම් ප්‍රතික්‍රියාවක් ඇතිවීමත්, උදරයේ යම් අප්‍රසන්නතාවයක් ඇති වීමත් නිසා ඔවුන් එම ඖෂධය නොගෙන වෙනත් මාදිලිවලට මාරුවන බව මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝග අංශ ප්‍රධානිවරයා විසින් මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට දන්වා ඇති බව සඳහන්. 

එසේම පිළිකා රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධය ගෙන්වාගත් ජොදාස් එක්ස්පොයිම් ඖෂධ සමාගමට එම ඖෂධය නිපදවීමට බලය ඇතිද යන්න පිළිබඳවත් මෙම ඖෂධය ගෙන්වීම අත් හි‍ටුවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෛද්‍යවරුන් ලිඛිතව දන්වා ඇතත් ඒ පිළිබඳවත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. 

මෙම ඖෂධය ගෙන්වීම අත් හි‍ටුවීමට විශේෂඥ වෛද්‍යවරුන් කල ඉල්ලීම් කෙරෙහි කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම ඖෂධය කලට වේලාවට ලබා නොදීම නිසා ටෙන්ඩර් පටිපාටිය මනුව ඒ මත පැනවූ දඩ මුදල් ද නිදහස් කරන ලෙස ඉල්ලා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. රාජ්‍ය ඖෂධ සමාගමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ‍රැස්වීමක දී ගත් තීරණයක් මත රජයට අයවිය යුතු දඩ මුදක් අයකර නොගෙන නිදහස් කල බව වෛද්‍ය සැපයුම් අංශය විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත දැනුම් දී ඇති බව සඳහන්. 

ආශ්‍රිත : මව්බිම



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu