gossiplanka alexa නිදහස් කර ගැනීමට නොහැකි වූ කිරිපිරි බහාලුම් බංගලාදේශයට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිදහස් කර ගැනීමට නොහැකි වූ කිරිපිරි බහාලුම් බංගලාදේශයට ?

ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා. 

මෙයට හේතු වී ඇත්තේ ඩොලරයක් රුපියල් 203 වැනි මිලකට නොව රුපියල් 240ක් වැනි ඉහළ මිලකට ගැනීමට සිදු වීම බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කරනවා. 

ඒ හේතුවෙන් කිරිපිටි කිලෝවක් ඩොලර් 4.10ට ආනයනය කර රුපියල් 1,145ක වැනි මිලකට විකිණිය නොහැකි බවත් එසේ විකිණීමෙන් රුපියල් 300ක පාඩුවක් සිදුවන බවත් ඒ මහතා පෙන්වා දෙනවා. 

අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මිලියන 50ක් නිකුත් කර ඇතත් කිරිපිටි මුදාහැර ගැනීමේ දී තවමත් ඩොලර් හිඟයක් පවතින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu