gossiplanka alexa කොවිඩ් වෛරසයට එරෙහිව අලුත් බෙහෙතක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වෛරසයට එරෙහිව අලුත් බෙහෙතක්

ර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක් වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපද වූ ඇමරිකාවේ ෆයිසර් සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි නිෂේධක ඖෂධයක් අත්හදා බලමින් සිටින බව වාර්තා වනවා. එම ඖෂධය පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත් ඉන් සාධනීය ප්‍රතිපල ලැබී ඇති බවත් එම සමාගම පවසනවා. 

මිනිස් සිරුර තුළ ගුණනය වීම සඳහා කොවිඩ් වෛරසය යොදාගන්නා එන්සයිම විනාශ කිරීමට සමත් PF-07321332 නැමැති මෙම ඖෂධය භාවිතයට පහසු පෙති වර්ගයක් ලෙස සකස් කර තිබෙනවා. 

සායනිම මට්ටමේ පරීක්ෂාවක් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින පිරිසට දිනකට දෙවරක් බැගින් දින 5ක් හෝ 10ක් මෙම පෙති ලබා දෙන බවත් ඉන් දින 14කට පසු තත්ත්වය පරීක්ෂා කෙරෙන බවත් ෆයිසර් සමාගම නිවේදනය කර තිබෙනවා. 

මේ අතර නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ කොවිඩ් වැළඳී සුවය ලැබූ මවකගේ කිරි ඔස්සේ ඇයගේ දරුවා වෙත මාස 10ක් දක්වා කොවිඩ් මර්දන ප්‍රතිදේහ හුවමාරුවන බවයි. කොවිඩ් වැළඳී සුවය ලැබූ මව්වරුන් 75 දෙනෙකුගේ මව්කිරි ඇසුරෙන් ඇමරිකාව සිදු කළ නවතම පර්යේෂණයක දී මේ බව අනාවරණය වී තිබෙනවා. මෙම ප්‍රතිදේහවලට කොවිඩ් වෛරසය මර්දනයට අහෙකියාව පවතින බව සායනික විද්‍යාඥයන් පවසනවා. 

-මව්බිම-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu