gossiplanka alexa ලොව කිසිදු එන්නතකට මෙල්ල නොවන කොවිඩ් විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව කිසිදු එන්නතකට මෙල්ල නොවන කොවිඩ් විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

මස්ත ලෝකය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් සංග්‍රාමයේ යෙදී සිටින අතර, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බලපෑමට යටත් නොවන බව පෙන්නුම් කරන "ම්‍යු" නමැති නව කොවිඩ් වෛරස් විකෘතියක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. 

විශේෂයෙන් එන්නත් නොලද අය අතර සහ වෛරස් ආරක්ෂන පියවර ලිහිල් කල ප්‍රදේශවල 'ඩෙල්ටා' ප්‍රභේදය ව්‍යාප්තවීම නිසා ගෝලීය වශයෙන් ආසාදන අනුපාතය යළිත් ඉහළ යමින් පවතින බැවින් නව වෛරස් විකෘති මතුවීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පුළුල් සැලකිල්ලක් දක්වනවා. 

කොවිඩ් වසංගතයේ යාවත්කාලීන තොරතුරු ඇතුළත් කර ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා සෑම අඟහරුවාදාවකම නිකුත් කරන පුවත් වාර්තාවේ මෙවර කලාපය අවධානය යොමු කර ඇති B.1621හෙවත් 'ම්‍යු' නමැති නව ප්‍රභේදය (Mu variant) 2021 ජනවාරි මාසයේ දී ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ කොලොම්බියාවෙනි. මෙය 'ම්‍යු' යමුවෙන් නම් කර ඇත්තේ ග්‍රීක අකාරාදියේ 12 වෙනි අක්ෂරයට අනුවය. මේ දක්වා දකුණු ඇමරිකාවේ සහ යුරෝපයේ රටවලින් ම්‍යු ප්‍රභේදය පිළිබඳව සිද්ධීන් කිහිපයක් වරින් වර වාර්තා වී තිබෙනවා. 

මෙම නව කොවිඩ් ප්‍රභේදයේ විකෘති කිහිපයක්ම පවතින බවත් සෞඛ්‍ය විශේෂඥයන් නිරීක්ෂණය කර තිබෙනවා. දැනට පවතින එන්නත්වලට 'ම්‍යු' ප්‍රභේදය ප්‍රතිරෝධී විය හැකින් යැයි විශ්වාස කිරීමට එම නිරීක්ෂණ හේතු වී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, මෙම ප්‍රභේදය සහ එහි එන්නත් ප්‍රතිරෝධය තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා වැඩිදුර අධ්‍යයනය කිරීම අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

කොවිඩ් රෝගයට හේතුවන SARS-CoV-2 ඇතුළු සියළුම රෝගකාරක වෛරස් වර්ග කාලයත් සමඟ විකෘතිභාවයට පත්වනවා. එහෙත් මෙවැනි විකෘතීන් නිසා එන වෛරසවල මූලික ලක්ෂණ සුළු වශයෙන්වත් ඉවත් නොවීම ගැන විද්‍යාඥයන් විමතිය පළකරනවා.

'මව්බිම පුවත්පත'

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu