gossiplanka alexa බස්නාහිර පළාත තුළ කොවිඩ් රෝගීන් පරිපාලනයට නව ක්‍රමවේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාත තුළ කොවිඩ් රෝගීන් පරිපාලනයට නව ක්‍රමවේදයක්

කොවිඩ් 19 රෝගීන් ප්‍රථිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම සහ පරිපාලනය සඳහා 2021 අගෝස්තු 19 වන දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.  මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වනවා. 

මෙම ක්‍රමවේදය, කෙටි පණිවුඩ සහ දුරකතන ඇමතුම් යන ක්‍රමවේද දෙකකින් සමන්විතවනවා. 

කොවිඩ් 19 වැළඳුනු රෝගීන් පහත විස්තර ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකතන අංකයට යොමු කළ යුතුයි. 

අ. රෝගියාගේ තත්ත්වය වර්ගීකරණය

    1) ස්වසන අපහසුතා ඇති රෝගීන් - A<Space>

    2) උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B<Space>

    3) කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් - C<Space>

ආ. වයස <Space>

ඇ. ජාහැඅ <Space>

ඈ. ලිපිනය 

4) පණිවුඩය මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මඟින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කරනු ලැබේ. 

5) රෝගීන් ලබා දෙන තොරතුරු වර්ගීකරණය කොට දුරකතන අංක 247 මඟින් සම්බන්ධ වී රෝගී තත්ත්වය නිශ්චය කර අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ අනෙකුත් ප්‍රතිකාර පහසුකම් සපයා දෙනු ලැබේ)

6) නිවෙස් නිරෝධානයට යොමු කරවන රෝගීන් වෙත වෛද්‍ය කණ්ඩායමක් දුරකතන මාර්ගයෙන් නිරතුරුව සම්බන්ධ වී අවශ්‍ය සේවා ලබා දෙනු ඇත. ( ඒ සඳහාම පමණක් වෙන් කොට ඇති දුරකතන අංක 1390 හරහා එම පහසුකම් සලසනු ලැබේ)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu