gossiplanka alexa "ලංකාවේ කොවිඩ් රතු කට්ට පැනලා - නිවෙස්වල එක්ව ආහාර ගැනීමත් නවත්වන්න" - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ලංකාවේ කොවිඩ් රතු කට්ට පැනලා - නිවෙස්වල එක්ව ආහාර ගැනීමත් නවත්වන්න" - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය පැතිරයන තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා මේ වන විට රතු කට්ට පැන ඇති බැවින් වසංගතය පාලනය කිරීමට සමාජයක් ලෙස එක්ව ක්‍රියාකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. 

ජනතා ඒකරාශීවීම් සියල්ල වහාම නවතා දැමිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. එසේම නිවෙස් තුළ සිදුවන පුද්ගල ඒකරාශී වීම් ද නවතා දැමිය යුතු බව වෛද්‍ය සංගමය පවසනවා. පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළට මෙම වෛරසය ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා පවුලේ අය එකට හිඳ ආහාර ගැනීම පවා සිදු නොකල යුතු බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩි දුරටත් කියා සිටින්නේ. එසේම අසල්වැසි නිවෙස්වල අය නිවෙස් තුළට පැමිණීම පාලනය කිරීම සහ නිවෙස් තුළ මුඛ ආවරණ පැළඳ සිටීම ද වඩා වැදගත් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඩෙල්ටා වෛරසය සීඝ්‍ර ලෙස පැතිර යෑම නිසා රට මුහුණ දී ඇති දැඩි අවදානම නිවැරදිව තේරුම් නොගෙන, පස්වන ‍රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුණහොත් නැවත නැවතත් රට වසා දැමීමෙන් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට පත්විය හැකි බවයි.  අනාගතයේ දී මීටත් වඩා දරුණු කොවිඩ් ප්‍රභේදයන් ඇතිවිය හැකි බවට අනුමාන කරන බව එම සංගමය අවධාරණය කරනවා. 

දැනට පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය වැළ‍ඳෙන එක් පුද්ගලයෙක්ගෙන් නිරෝගී පුද්ගලයින් 5-8ත් අතර සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයින් විය හැකි බව සොයාගෙන තිබෙනවා. 

මේ හේතුව නිසා කොවිඩ් ‍රැල්ල පාලනය කර ගැනීමට නම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැඳිය යුතු බවත් එසේ නොමැති වුවහොත් දරුණු හතරවන ‍රැල්ලකට රට මුහුණ පාන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu