gossiplanka alexa පරීක්ෂණ සාර්ථකයි, කොවිඩ් මර්දනයට විස්මිත ඔසුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පරීක්ෂණ සාර්ථකයි, කොවිඩ් මර්දනයට විස්මිත ඔසුව

කොවිඩ් වෛරසය මර්දනයට සාර්ථක ක්‍රමවේදයක් සොයා ගෙන ඇති බව පැවසෙනවා. වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ නයිට්‍රික් ඔක්සයිඩ් සහිත දියරයක් නාසයට ආඝ්‍රහණය උදේ සහ සවස නාසය තුළට ආඝ්‍රහණය කරවීම මඟින් මෙම වෛරසය සාර්ථකව මැඩපැවැත්විය හැකි බවයි. 

''රෝගය පැතිර යාම  පාලනය කිරීම සඳහා  එන්නත ලබා ගැනීම වගේම  තමාගෙන් අන් අයට රෝගය පැතිර  යෑම අවම කිරීම සඳහා නිරතුරුවම මුඛ ආවරණ පැළඳිය යුතු වනවා . මේ වන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන  විද්‍යාඥයන් විසින් තමන්ට රෝගීන් ආරක්ෂා වීම මෙන්ම අන් අයට රෝගය පැතිර වීම වැළැක්වීම සඳහා ඉතා සාර්ථක විය හැකි ක්‍රමවේදයක්  සොයා ගෙන තියෙනවා. 

අප නිරතුරුවම විෂබීජ නාශකයකින් අත් සෝදනවා මෙන්ම මෙහිදී සිදු කරන්නේ ක්ෂණිකව වෛරසය විනාශ කිරීමට සමත් නයිට්‍රික් ඔක්සයිඩ් සහිත දියරයක් උදේ සහ සවස නාසය තුළට ආග්‍රහනය කරවීමයි. නයිට් රික් ඔක්සයිඩ් යනු වර්තමානයේ ද සිරුර තුළ, විශේෂයෙන් පෙනහල්ල තුළ ඇති ධමනි  විස්තාරණය කොට ඒ තුළ රුධිර පීඩනය අඩු කිරිම සඳහා යොදා ගන්නා වායුවක්.මීට අමතරව තවත් බොහෝ වෛද්‍ය විද්‍යාත්මක යොදා ගැනීම් තියෙනවා.ස්වභාවිකවම නාසය තුළ සහ අවට හිස් කබලේ  ඇති කෝටරක තුල නයිට්‍රික් ඔක්සයිඩ් ගබඩා වී තිබෙනවා.නාස් කුහර සහ කෝටරක තුල ඇති ශ්ලේෂ්මල  පටක වල  නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම සඳහා වන එන්සයිම අඩංගු වනවා.

නාස් කුහරය ඇති සාන්ද්‍රණයට වඩා 10 ගුණයකටත් වැඩි  ඉහළ සාන්ද්‍රණයකින් නාසය වටා ඇති කෝඨරක වල මෙම වායුව අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. නයිට්‍රික් ඔක්සයිඩ් වායුවට පුළුවන් සියලුම ආකාරයේ බැක්ටීරියා ,දිලීර ,වෛරස ,ප්‍රොටසෝවා වැනි රෝග කාරක විනාශ කරන්න.මෙය බොහෝ කලකට පෙර සිට පරීක්ෂණ මගින් සනාථ කළ දෙයක්.කොවිඩ් මර්දනය කිරීම සඳහා නයිට්‍රික් ඔක්සයිඩ් භාවිතා කළ හැකි ද  යන්න පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදයේ ,එංගලන්තයේ  සහ කැනඩාවේ ඖෂධ නිපදවීම් සම්බන්ධ සමාගම් සහ එයට  අනුයුක්ත විද්‍යාඥයන් විසින් පරීක්ෂණ පැවැත්වුවා.ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ලද ස්වීඩනයේ UPPSALA විශ්ව විද්‍යාලයේ ජීව රසායන සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව  පිළිබඳ  මහාචාර්යවරයකු වන, Ake Lundkvist  පවසන්නේ මේ දක්වා කොවිඩ් 19 වෛරසය  මත සෘජුවම ක්‍රියාකරන එකම ද්‍රව්‍ය ලෙස මේ දක්වා සොයා ගෙන ඇත්තේ නයිට්‍රික් ඔක්සයිඩ් පමණක් බවයි.

කැනඩාවේ SaNOtize සමාගම විසින් මේ වන විට නයිට්‍රික් ඔක්සයිඩ් අඩංගු නාසයට ඉසිය හැකි  දියරයක්  (Nasal spray)හඳුන්වා දී තිබෙනවා .SaNotize Nitric oxide Nasal Spray  ( NONs ) ලෙසින් හඳුන්වා ඇති මෙම ද්‍රාවණය  පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති ඇමරිකාවේ UTAH රාජ්‍ය සරසවිය ප්‍රකාශ කරන්නේ කොවිඩ් වයිරසය 99.9 % ක් විනාඩි දෙකක් තුළ විනාශ කිරීමේ හැකියාවක් මෙයට ඇති බවයි.

එසේම ඇමරිකාවේ කොලරාඩෝ  රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මීයන් යොදා සිදුකළ පරීක්ෂණවලදී සොයාගෙන ඇත්තේ  කොවිඩ් වෛරසය 95%ක් එක් දිනක් තුළදී විනාශ කිරීමට හැකියාව මෙම ද්‍රාවණයට ඇති බවයි.දියරයක් ලෙස ඇති මෙම ද්‍රාවණයෙන් ඉතා සුළු නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණයක් ස්වසන පටකයේ මතට මුදා හැරෙනවා.එවිට එතුළ ඇති කොවිඩ් 19  වෛරසය ක්ෂණිකව විනාශ වනවා.

නාසය තුළින් ඇතුළු වන කොවිඩ් 19 වෛරසය  නාසයේ ස්වසන පටක මත වර්ධනය වී උගුර හරහා පෙණහලුවලට ඇතුළු වන බව අප දන්නවා .මේ සඳහා දින දෙකක් තුනක් ගත වනවා .නමුත් මේ කාලය තුළ නාසයේ සහ උගුරේ පටක මත ඇති වෛරසය විනාශ කළ හැකි නම් රෝගය  බෝවීම අවම කරගත හැකිවනවා. එමඟින් පෙනහළු තුලට ඇතුළුවන වෛරස ප්‍රමාණය මෙන්ම ආසාදිතයකු ස්වසන මාර්ගය ඔස්සේ බැහැරට එකතු කරන වෛරස ප්‍රමාණය ද  ඉතා විශාල වශයෙන් අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා එමඟින් සමාජය තුළ රෝග පැතිර යෑම අති විශාල වශයෙන් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

එපමණක් ද නොවෙයි ,SaNOtize ආයතනයේ ප්‍රධාන විද්‍යා නිලධාරී චාල්ස් මිලර් මහතා පවසන පරිදි කොවිඩ් 19 වෛරසය සෛල තුළට ඇතුළු වීමට යොදා ගන්නා  ACE 2 කියන උපාගමයන්  අවහිර කිරීමේ හැකියාව ද නයිට්‍රික් ඔක්සයිඩ් අඩංගු මෙම ද්‍රාවණයට  තිබෙනවා .එමඟින්ද ආසාදිත පුද්ගලයන් රෝගී බවට පත් වීම අවම කර ගැනීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ .

ඇත්ත වශයෙන්ම මෙම ඖෂධය   ඉතාම වැදගත් වන්නේ රෝගකාරකයට නිරාවරණය වූ පසුව මෙය භාවිතා කිරීමට හැකි වීමයි .හරියටම අත්වල තැවරී ඇති වෛරසය විනාශ කිරීම සඳහා විෂබීජ නාශක යොදා අත් සේදීම වගේ දෙයක් ,.මෙහිදී  වෛරසය තැවරී ඇති  නාසය සහ උගුර මෙම දියරය මගින් විෂබීජාණුහරණය කිරීමත් සිදුකරනවා.ප්‍රභේදය  කුමක් වුවත්  එය විනාශ කිරීමේ හැකියාව නයිට්‍රික් ඔක්සයිඩ් සතුව පවතින  නිසා ඩෙල්ටා,හෝ ලැම්ඩා හෝ  අනාගතේ ඇතිවන  වෙනත් කවර හෝ ආකාරයේ  ප්‍රතිරෝධී ප්‍රභේද පිළිබඳව ගැටළුවක් ඇතිවන්නේ නැහැ ඒ සියල්ල විනාශ කිරීමේ හැකියාව මෙය සතු වනවා දිනය පුරා ස්වසන පටකය තුළට ඇතුළු වන වෛරසය රාත්‍රී නින්දට පෙර මෙම දියරය නස්නය කිරීමෙන් විනාස කළ හැකි වන අතර, යම් අයුරකින් හෝ ඉතිරිවන වෛරස පසුදින උදෑසන මෙම දියරය නැවත නස්නය කිරීමෙන් විනාශ කළ හැකි වනවා  

සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන ද්‍රව්‍යයක් නිසා එය සිරුරට අහිතකර වන්නේ නැහැ .ආග්‍රහණය කරන වාතයේ ඔක්සිජන්  සමග එක් වූ විට  එය නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත්වී  අකර්මණ්‍ය වනවා .නාසයේ සහ කෝඨරක වල නයිට්‍රික් ඔක්සයිඩ්  නිපදවීම සීඝ්‍රයෙන් සිදුවන්නේ ඔක්සිජන් අඩු අවස්ථාවල දී බව සොයාගෙන තිබෙනවා.නාසය වටා ඇති කෝටරක තුල නයිට්‍රික් ඔක්සයිඩ් ගබඩා වී තිබෙන බවයි පරීක්ෂණ මඟින්  සනාථ වී තිබෙන්නේ .සෙම්ප්‍රතික්ෂාව ඇතිවිට මෙම කෝටරක සෙම මගින් අවහිර වනවා .නමුත්  හුමාලය ඇල්ලීම මගින් නාසය තුළ ප්‍රදාහය අවම කිරීම මගින් එම අවහිරතාව ඉවත් ව  කෝඨරක වල විශාල වශයෙන් ගබඩා වී ඇති  නයිට්‍රික් ඔක්සයිඩ්  ස්වසන පටකය වෙතට ගෙන ඒමේ හැකියාවක් තිබෙනවා මේ මගින් රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සිදුවනවා .මේ නිසා තමා සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට හුමාලය ආග්‍රහණය කිරීම මගින්  ඉක්මනින් සුවය ලබාගත හැකි වන්නේ.ස්වසන පටකය තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩු වන විට නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම  ඉහළ යන බැවින්, කට සහ නාසය මදකට වසා සිටීමත් ඉන් අනතුරුව කුඩා පොලිතින් බෑගයක් තුළට හුස්ම ඉහල පහල යැවීමත් මගින් අපට ස්වසන පටකය තුළ ඔක්සිජන් අඩු කොට නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය යම් තරමකට වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.එම නිසා උදේ සහ සවස විනාඩි කිහිපයක් මෙම ව්‍යායාමයේ යෙදීම  NONs ඖෂධීය නස්න දියරය අප වෙත ලැබීම දක්වා සිදු කිරීම ඵලදායි විය හැකියි.

මේ වන විට මෙම  නාසයට යොදන දියරය  ඊශ්‍රායලය ,නවසීලන්තය සහ බහරේන් යන රටවල හදිසි භාවිතාව සඳහා අනුමත කොට තිබෙනවා .එංගලන්තය සහ ඉන්දියාව ඉතා නුදුරේම  මෙයට අනුමැතිය ලබාදීමට කටයුතු කරන බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ .SaNotize සමාගම විසින් මෙම ඖෂධය නිපදවා  ආසියානු රටවල,එනම් ඉන්දියාව සිංගප්පූරුව ,මැලේසියාව හොංකොං තායිවාන් ,නේපාලය කම්පුචියාව බෲනායි, ලාඕසය මියන්මාර් ,තිමෝරය වියට්නාමය සහ ශ්‍රී ලංකාව තුළ  බෙදාහැරීමේ සහ වෙළඳාම් කිරීමේ අයිතිය ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක් වන Glenmark සමාගම  වෙත ලබා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව 2021 අගෝස්තු 2 දින නිවේදනය කළා .ඒ අනුව ඉතා නුදුරේදීම මෙම ආශ්චර්යමත් ඖෂධය ශ්‍රී ලංකාවේ  අප වෙතද  ලැබෙනු ඇත.එය ඉක්මනින්ම රෝගය පැතිරයාම මර්දනය කිරීම සඳහා වන බලාපොරොත්තුව සඵල කිරීමටත් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමටත් ඉතා විශාල පිටුවහලක් වනු ඇත.''

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
M.B.B.S (PERADENIYA)
LL.B (OUSL)
වෛද්‍ය නිලධාරී 
ජාතික රෝහල මහනුවර

දිවයින 

2021 අගෝස්තු 17 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu