Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ළඹෙන 23 වන සිකුරාදා සිට රට වසා දැමීමට රජය කටයුතු නොකළහොත් සියළුම රාජය සහ පෞද්ගලික අංශ එක්ව සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කරන බව රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති පවසනවා. 

විද්‍යාත්මක රට වසා දැමීමකට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොවුණහොත් සියළුම වෘත්තීය සමිති එක්ව ස්වයං රට වසා දැමීමකට අවශ්‍ය කටයුතු කරන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා. 

මේ සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වතු සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ල එක්වන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ. 

තවද, මෙම සිය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ දින 10ක් රට වසා දැමීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි. 


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page