gossiplanka alexa ඇෆ්ගනිස්තානයේ තත්ත්වය බරපතලයි, ලෝක බැංකු අරමුදල් ද කපා හැරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය බරපතලයි, ලෝක බැංකු අරමුදල් ද කපා හැරේ

ලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය පාලනය නතු කර ගැනීමත් සමඟම මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ බොහෝ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයෙන් පලායාමට දහස් සංඛ්‍යාත ජනතාවක් කාබුල් ගුවන්තො‍ටුපොල තුල පොර බඳිමින් සිටින අතර තුර ඊයේ දිනයේ දී ගුවන්තො‍ටුපොල පරිශ්‍රයේ දී පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. 

එම පිපිරීමෙන් අමෙරිකා හමුදා සෙබළුන් 13 දෙනෙකු ඇතුළු 73 දෙනෙකු මරණයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. තවත් 143 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තාවල සඳහන්. මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. 

මේ අතර ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදාව ලබන 31 වන දිනට පෙර ඉවත් කර ගන්නා ලෙස තලිබාන් සංවිධානය ජනාධිපති ජෝ බයිඩන් ට තර්ජනාත්මකව අවධාරණය කර තිබෙන බව වාර්තා වනවා. මෙම මාසය අවසානය නැමති රතු ඉර පැනීමට තැත් කලහොත් බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට බටහිර හමුදාවන්ට සිදුවනු ඇති බව තලිබාන් සංවිධානය අනතුරු අඟවනවා. ඇෆ්ගනිස්තානයේ ‍රැඳී සිටින විදෙස් හමුදා සඳහා ඉවත්වීමට ලබා දී ඇති කාලය තව දුරටත් දීර්ඝ නොකරන බවයි තලිබාන් සංවිධානය පවසන්නේ. 

මේ වන විට අමෙරිකානු හමුදාව ඇතුළු බටහිර රටවල් විසින් ඇෆ්ගනිස්තාන ජනතාව එරටින් පිටමන් කර ගැනීමට මෙහෙයුම් දියත් කර තිබෙනවා. 

මේ අතර ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදීමට නියමිත අරමුදල් සැපයීම නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙන බව නිවේදනය කරනවා. තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය පාලනය කරන ආකාරය සහ එරට සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ආකාරය සතු‍ටුදායක නම් පමණක් ඉදිරියේ දී නැවතත් මූල්‍ය අනුග්‍රහය දැක්වීමට අපේක්ෂා කරන බව ලෝක බැංකුව අවධාරණය කරනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ඇෆ්ගනිස්තානය වෙත පිරිනමන අරමුදල් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. 

තලිබාන් සංවිධානයේ සාමාජිකයින් විසින් ඝාතනය කරන ලදැයි කියන කුඩා දරුවන් සහ වැඩිහිටියන්ගේ කම්පා සහගත ඡායාරූප, ඇෆ්ගනිස්තානයේ හිටපු ඇමැතිවරයෙකු විසින් ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඔහු පවසන්නේ මිනිසුන් පාලනය කිරීම සඳහා කුඩා දරුවන් සහ වැඩිහිටියන් තලිබාන් සංවිධානය මඟින් භීතියට පත් කරන බවයි. තලිබාන් සංවිධානය නිවාස අනවශ්‍ය ලෙස සෝදිසි කරමින්, හේතුවක් නොමැතිව හෝ සාධාරණීකරනයකින් තොරව මිනිසුන් අත් අඩංගුවට ගන්නා බවත් අහිංසක පුරවැසියන් ඝාතනය කරන බවත් ඇමතිවරයා චෝදනා කරනවා. 

මේ අතර කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තො‍ටුපොලට ප්‍රහාරයක් එල්ලවීමට තර්ජනයක ඇති බැවින් ඒ පෙදෙසට යාමෙන් වළකින ලෙස එක්සත් රාජධානි පුරවැසියන්ට එරට රජය විසින් ප්‍රහාරය එල්ලවීමට පෙරම දැනුම් දී තිබුණා. ඇෆ්ගනිස්තානයෙන් පලායන පිරිස් කිසියම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක ඉලක්කය බවට පත් වනු ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu