gossiplanka alexa කොවිඩ් රෝගීන් ජීවිත අවදානමෙන් ගලවන ඖෂධය මෙරටට අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් රෝගීන් ජීවිත අවදානමෙන් ගලවන ඖෂධය මෙරටට අහිමි වෙයි

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ලබා දෙන ''REGEN-COV"නැමති ඖෂධය දේශපාලන බලපෑම් හේතුවෙන් මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම ඖෂධය  මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේන් පෞද්ගලික සමාගමක් විසින් අනුමැතිය ඉල්ලා තිබුණා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ඒ සඳහා හිමිව තිබූ නමුත් එම අනුමැතිය දේශපාලන බලපෑම් මත අවලංගු කර ඇති බවටයි වැඩි දුරටත් වාර්තා සඳහන් කරන්නේ. 

''REGEN-COV'' නැමැති මෙම ඖෂධයට මේ වන විට ඉන්දියාව, ජපානය, අමෙරිකාව ආදී රටවල් ‍රැසක් අනුමැතිය ලබා දී ඇති අතර එමඟින් කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ජීවිත අවදානම 81%කින් අඩුවන බවයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. ''REGEN-COV'' දැඩි අසාධ්‍ය රෝගීන්ට ලබා දීමෙන් පවා එය 31%ක සාර්ථකත්වයක් පෙන්වා තිබෙනවා. 

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් වෛරසය ආසාදයන වී සිටිය දී සංකූලතා ඇති වුවද මෙම ''REGEN-COV'' ඖෂධය ලබා දීමෙන අනතුරුව ඔහු සුවය ලබා තිබුණා. ඒ අවස්ථාවේ දී මෙම ඖෂධය පැවතියේ සායනික පරීක්‍ෂණ මට්ටමේයි. ඩොනල් ට්‍රම්ප් සුවය ලැබීමෙන් අනතුරුව ඔහු විසින්ම ''REGEN-COV'' ඖෂධය පිළිබඳව ලොවට අනාවරණය කරනු ලැබුවා. පසුව ''REGEN-COV'' සඳහා ලොව බොහෝ රටවල් ‍රැසක අනුමැතිය හිමි වුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu