gossiplanka alexa උපන්දිනය දා වාර්තාවක් තැබූ වනිඳුට ඉන්දියාවෙන් ඇරයුමක් ලැබෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපන්දිනය දා වාර්තාවක් තැබූ වනිඳුට ඉන්දියාවෙන් ඇරයුමක් ලැබෙන ලකුණු

2019 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ පළමු පන්දුවාර 20-20 තරඟාවලි ජයග්‍රහණය ඊයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. එය ඉන්දීය කණ්ඩායමට එරෙහිව 20 යි 20 ක්‍රිකට් පිටියේ දී ලංකා කණ්ඩායමක් ලබාගත් පළමු තරඟාවලි ජයග්‍රහණයයි. 

20-20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සිය උපන්දිනය දා ක්‍රිඩකයෙක් වාර්තා කල හොඳම පන්දු යැවීම වනිඳු හසරංග වාර්තා කලා. එසේම අවසන් තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා සම්මාන ද හිමි වූයේ වනිඳු හසරන්ගටයි. 

ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20-20 පන්දු යවන්නන් අතරින් දෙවන ස්ථානයේ පසුවන්නේ වනිඳු හසරංගයි. මේ වන විට ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟවලිය සඳහා තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන වනිඳු හසරංග ගිවිසුම්ගත කර ගැනීමට කණ්ඩායම් 4ක්ම සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. 

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමඟ නවතා දැමූ IPL තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් 19 වෙනිදා සිට ඔක්තෝම්බර් මස 15 දක්වා මෙම තරඟ පැවැත්වීමට නියමිතයි. 

එම තරඟවලට සහභාගී වීමට ඩුබායි බලා නොයන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයෙකු ඇතුළත් කර ගැනීමට IPL කණ්ඩායම් සඳහා අවසරය හිමි වන අතර ඒ සඳහා වනිඳු ඇතුළත් කර ගැනීමට මේ වන විට කණ්ඩායම් 2ක් සාකච්ඡා කරමින් සිටිනවා. 

ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවසරය හිමිවන්නේ නම් පමණක් තරඟාවලියට ක්‍රීඩා කිරීමට වනිඳු කැමැත්තෙන් පසුවන බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu