gossiplanka alexa ඩෙංගු රෝගයේ භයානක ප්‍රභේද හතරම ශ්‍රී ලංකාවේ පැතිරෙයි, වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙංගු රෝගයේ භයානක ප්‍රභේද හතරම ශ්‍රී ලංකාවේ පැතිරෙයි, වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්

ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මේ වන විට ලංකාව තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 4ම සංසරණය වන බවයි. ඉන් වැඩි වශයෙන් සංසරණය වන බව හෙළිවී ඇත්තේ කාණ්ඩ 02 සහ 03 යි. 

වෛරස් කාණ්ඩ 01 මෙරට තුළ නැවතත් සංසරණය වීමට පටන් ගෙන ඇත්තේ අවුරුදු 10කට පසුවයි. 

සෑම වසරකම නිරිත දිග මෝසම් වර්ෂාව සහ ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟම ඩෙංගු රෝගීන් ඉහළ ලෙස වාර්තා වනවා. දැනට පවතින නිරිත දිග මෝසම් කාලගුණයත් සමඟම ඩෙංගු රොගීන්ගේ ඉහළ යාමක් දක්නට ඇති බවත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය සඳහා අඩු අවධාමක් යොමුව ඇති බැවින් එය පැතිරීම වැඩි ප්‍රවණතාවයක් දක්වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසනවා. 

සංසරණය වන ඩෙංගු වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවල දී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කරන බව ඇය පවසනවා.  ගතවූ වසරක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 16,592ක් වාර්තා වී තිබෙන අතර ජූලි මාසය සඳහා පමණක් රෝගීන් සංඛ්‍යාව 3124ක් වන බව හිමාලි හේරත් මහත්මිය වැඩි දුරටත් කියා සිටිනවා. රෝගීන්ගෙන් 70%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඉන් කොළඹ දිස්ත්‍රික්කයේන් හමුවූ රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu