gossiplanka alexa අගෝස්තුවේ පාසැල් ආරම්භ වුවත් ඉල්ලීම් දිනන තෙක් ඉගැන්වීමක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගෝස්තුවේ පාසැල් ආරම්භ වුවත් ඉල්ලීම් දිනන තෙක් ඉගැන්වීමක් නැහැ

දීර්ඝ කාලයක් තිස්සේ කොරෝනා වසංගත තත්ත්වයන් මත වසා දමා තිබූ පාසැල් ලබන අගොස්තු මාසයේ දී විවෘත අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

නමුත් එසේ පාසැල් ආරම්භ වුව ද තම ඉල්ලීම් දිනාගන්නා තෙක් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව සිටීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති 42ක් තීරණය කර තිබෙනවා. 

අහිමි කළ ගුරු-විදුහල්පති වැ‍ටුප් නැවත ලබා නොදීම, ස්වේච්ඡා කාර්යයක් වූ ඔන්ලයින් ඉගැන්වීම්වලට අත පෙවීම, වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සහ පාසැල් තුන් දහසක් වැසී යන ආකාරයට කටයුතු කිරීම යන හේතූන් මත මෙසේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. 

ඒ අනුව අගෝස්තු මාසයේ දී පාසැල් ආරම්භ කළොත් ඒ සඳහා තමන් සහභාගී වුවත් සිය ඉල්ලීම් දිනාගන්නා තෙක් ඉගැන්වීම් කටයුතුවලින් බැහැරව සිට අදාල වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu