gossiplanka alexa 'ඩෙල්ටා' ප්‍රභේදය හමුවූ කොළඹ ප්‍රදේශවලින් ජාන විකෘති සහිත සාම්පල 14ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'ඩෙල්ටා' ප්‍රභේදය හමුවූ කොළඹ ප්‍රදේශවලින් ජාන විකෘති සහිත සාම්පල 14ක්

සුගිය දිනවලදී 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ආශ්‍රිත පුද්ගලයින්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ජාන විකෘතිතා ඇති යැයි සැක සහිත සාම්පල 14ක් සොයා ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. 

අහඹු ලෙස ලබාගත් සාම්පල 25 අතුරින් මෙසේ ජාන විකෘති යැයි සැක සහිත සාම්පල 14 හඳුගාගෙන තිබෙනවා. මේ වන විට එම සාම්පල විශ්ලේෂණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති අතර අදාළ ජාන විකෘතිතාව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද නැතිනම් වෙනත් ප්‍රභේදයක් ද යන්න එහිදී නිවැරදිවම හඳුනාගැනීම සිදු කරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසනවා. 

මෙහි වාර්තා නිකුත් වීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති. 

මේ අතර තුර කාලයේ දී විකෘති ප්‍රභේද යැයි සැක සහිත සාම්පල ලබාගත් කොළඹ ප්‍රදේශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එම ප්‍රභේදය වෙනත් ප්‍රදේශ වෙත පැතිර යාම වළක්වා ගැනීමට නිසි පරිදි ක්‍රියා මාර්ග ගත යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu