gossiplanka alexa විදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය වෙනස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය වෙනස් කෙරේ

change quarantine process for immigrantsවිදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් පහත පරිදි වනවා. 

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත.

ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට ප්‍රථම කරන ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර කරන ලද ‍රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව තහවුරු  කරන වාර් තාවක ඉංග්‍රීසි පිටපතක් ඔවුන් සතු වීම අනිවාර්යයි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දින දාහතරක අනිවාර්ය නිරෝධායන කාලයක් ගත කළ යුතු වනවා.

ශ්‍රී ලංකාවට පැමිණි වහාම PCR පරීක්ෂණයක් කරනු ලැබේ. මෙහි ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනය සඳහා වන හෝටලයක හෝ මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවනු ඇත. එහිදී කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුනහොත් තමන්ගේ පෞද්ගලික පදිංචි ස්ථානයක් සඳහා යෑමට අවස්ථාව හිමිවේ.

ඒ ස්ථානයට ගිය වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා ඒ බව දැනුම් දිය යුතු අතර දිවයිනට පැමිණීමෙන් පසු දින දාහතර සම්පූර්ණ වන තෙක් එම නිවසේ දී ස්වයං නිරෝධායනය ට ලක් වීම අනිවාර්‍ය වේ. 

එම දින දාහතරක නිරෝධායන කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව නැවත PCR පරීක්ෂණයකට ලක් කරනු ලබන අතර එහි වාර්තාව පරීක්ෂාකර එහිදීද කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුවහොත්, නිරෝධායන කාලය සමාප්ත කරනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu