gossiplanka alexa සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙන් චීන වැක්සීනය ගැන හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙන් චීන වැක්සීනය ගැන හෙළිදරව්වක්

china vaccine export revealක්‍රමවත් ලෙස ලැබෙන ප්‍රතිඵල මඟින් දරුණු කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය රට තුළ කෙතරම් පැතිරී ඇත්දැයි යන්න කිසිසේත්ම තහවුරු කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 

ප්‍රභේද පරීක්ෂණ හැකිතාක් අධෛර්යයට පත් කරනු ලබමින් සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් යටි අරමුණක් සඳහා ද යන්න සැකසහිත බව සභාපතිවරයා කියා සිටිනවා. නව තාක්ෂණය යොදා ගනිමින් රුපියල් දහදාහකටත් වඩා අඩු මුදලකට ප්‍රභේද පරීක්ෂණයක් සිදු කළ හැකිව තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සඳහා හිතාමතාම එම පහසුකම ලබා නොදෙන්නේ රෝගයේ සැබෑ ස්වරූපය හෙළිදරව්වීම වැළැක්වීම සඳහා ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවන බව ඔහු පවසනවා. 

ඖෂධ නීතිගත සංස්ථාව මඟින් එන්නත් ගෙන්වීමේ දී ස්පුට්නික්V එන්නත ගෙන්වීමටත් එහිදී දේශීය නියෝජිතයා ලෙස රජය මැදිහත් වෙමින් එන්නත් ගසා කෑම සහ තැ‍රැව්කරණයේ දී ඇති විය හැකි අවාසි සහගත තත්ත්වයන් මැඬපැවැත්වීමට ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මුල් වකවානුවේ දී වැඩපිළිවෙලක් සකස් කර තිබුණත් එම වැඩපිළිවෙල හිටිහැටියේම නවතා දමා ඇති බව සභාපතිවරයා පෙන්වා දෙනවා. 

රජයේ මැදිහත්වීමෙන් ගිවිසුම්ගතව, නිෂ්පාදනයේ යම් කොටසක් ශ්‍රී ලංකාව තුළ ද කළ හැකිවන සේ ස්පුට්නික්V එන්නත ක්‍රමානුකූලව රටට ගෙන්වීමට තිබූ වැඩපිළිවෙල හිටි හැටියේ නතර කර දමා චීන වැක්සීනය රට තුළ ප්‍රචලිත කරන්නට කටයුතු කරමින් සිටින්නේ කුමන කරුණක් නිසාද යන්න විමර්ශනය කළ යුතු බව රවි කුමුදේශ් මහතා අවධාරණය කර සිටිනවා. 

ලෝකයේ නොදියුණු රටවල් පවා ඉතා අඩු මුදලට සයිනොෆාම් චීන වැක්සීනය මිලදී ගන්නා අවස්ථාවක, අපේ රට එය වැඩි මුදලකට මිලදී ගනු ලබන්නේ කිසියම් පාර්ශවයක් ලංසු තබා කොමිස් ගසන නිසාද යන්න පිළිබඳව සැක මතුවන බව කුමුදේශ් මහතා වැඩි දුරටත් පෙන්වා දෙනවා. 

ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් යටතේ ආරම්භ කළ ස්පුට්නික් වී එන්නත් මාත්‍රා ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීම, රජය මෙතෙක් අපොහොසත් වී ඇත්තේ සයිනොෆාම් වැක්සීනය ඉතා වැඩු මිලකට ගැනීමෙන් කිසියම් පාර්ශවයකට ලාභ ලැබෙන නිසා ද යන්න විමර්ශනයකර හෙළිදරව් කර ගැනීම වසංගතයේ පාලනයට අත්‍යාවශ්‍ය බව ද සභාපතිවරයා පවසනවා. 

එසේම මේ වන විට ලෝකයේ බොහෝ රටවල රතු කලාපවලට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකාව, ප්‍රභේද පරීක්ෂණ සිදු නොකිරීම නිසාම ඒවායෙන් ඉවත්වන්නට නොහැකි, නොදියුණු සෞඛ්‍ය සේවාවක් ඇති රටක් බවට තහවුරු වෙමින් පවතින බව ද එය සංචාරක ව්‍යාපාරයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව ද රවි කුමුදේශ් මහතා පෙන්වා දෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැරහැර ඇති එම වගකීම ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් හෝ සිදු කරන ලෙස තම සංගමය ඉල්ලා සිටින බව සභාපතිවරයා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව අවම වශයෙන් විදේශගතව සිට පැමිණෙන ගුවන් මගීන්ගේ පරීක්ෂණ කිරීමේ වගකීම ගුවන්තො‍ටුපොල රසායනාගාරයට භාරගත හැකි නිසා ඒ පිළිබඳව වැඩපිළිවෙලක් යොදවන ලෙස ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලා සිටිනවා. 

ආශ්‍රිත - මව්බිම පුවත්පත


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu