gossiplanka alexa ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුණු රෝගී තත්ත්වයන්, කොළඹ සහ ගම්පහට වැඩි අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුණු රෝගී තත්ත්වයන්, කොළඹ සහ ගම්පහට වැඩි අවධානය

කොවිඩ් ප්‍රභේද අතරින් දරුණු ප්‍රභේද හතරක් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන අතර ඉන් වඩාත්ම දරුණු ප්‍රභේදය ලෙස පෙන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් සොයා ගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයයි. 

බ්‍රිතාන්‍යයේ ඇල්ෆා, දකුණු අප්‍රිකාවේ බීටා සහ බ්‍රසීලයේ ගැමා ප්‍රභේද අනෙක් දරුණු කොවිඩ් ප්‍රභේද ලෙස හඳුන්වා දී තිබෙනවා. 

මුල් අවස්ථාවේ දී චීනයේ වුවාහ්වලින් සොයා ගත් කොවිඩ් ප්‍රභේදයට අමතරව මේ වන විට සිය ගණනක් පමණ ප්‍රභේද සොයා ගෙන ඇතත් ඉන් දරුණුම ප්‍රභේදය ලෙස ඩෙල්ටා ප්‍රභේදය සැලකෙනවා. පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයෙන් මෙම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 5ක් සොයා ගැණුනා. 

මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ඩෙල්ටා ප්‍රභේදය වැළ‍ඳෙන අයට වෙනත් ප්‍රභේද ආසාදිතයින්ට වඩා වැඩියෙන් දරුණු රෝගී තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇති බවයි. 

මෙම ඩෙල්ටා ප්‍රභේදය වෙනත් ප්‍රදේශවලට ද පැතිර ගොස් තිබේද යන්න ඉක්මන් පරීක්ෂණ සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසනවා. 

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජෛව සාම්පල ලබාගෙන දෙවන වටයේ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ආශ්‍රිතයින් හමුවිය හැකි ලෙස සලකන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජෛව සාම්පල පරීක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu