gossiplanka alexa දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ්

දෙහිවල සත්ව උද්‍යානයේ සිටින සිංහයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. 2012 දී දකුණු කොරියාවෙන් ගෙන එන ලද ‍තෝර් නැමති සිංහයාට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. 

මෙම සිංහයා සත්ව උද්‍යානයේ සිංහ දූපතේ ජීවත්වී ඇති අතර දින කිහිපයක් තිස්සේ කැස්සකින් සහ උගුරේ වේදනාවකින් පීඩා විඳ ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. 

සිංහයා ලෙඩ වූ දිනයන්ට ආසන්න දිනයන් හි දී සත්ව උද්‍යානයේ සීබ්‍රා පැටවෙකු සහ වැඩුණු හිපපොටේමස් සත්ත්වයෙකු ද මියගොස් තිබුනත් එම සත්ත්වයින්ට පී.සී.ආර් පරීක්ෂාවක් සිදු කර නැහැ. 

ආසාදිත ‍තෝර් සිංහයා ජීවත් වූ සිංහ දූපතේ ෂීනා නැමති සිංහ ධේනුවත් තවත් සිංහයින් සිව් දෙනෙකුද ජීවත්වන වන බව සඳහන්. 

මේ වන විට කොරෝනා ආසාදිත සිංහයා සිටි සිංහ කූඩුව භාරව සිටින සත්ත්ව ‍රැකවලුන් දෙදෙනෙකු සත්ත්ව උද්‍යානය තුළම නිරෝධායනයට යොමු කර ඇති අතර තවත් ‍රැකවලෙකු ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමු කර තිබෙනවා. 

කෙසේ වෙතත් පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමඟ එකවී නිවැරදි පරීක්ෂාවන් සිදු කරන ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu