gossiplanka alexa ලංකාවෙන් ද සොයා ගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලොව දරුණුම ප්‍රභේදයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවෙන් ද සොයා ගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලොව දරුණුම ප්‍රභේදයයි

covid danger strain called deltaයේ දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැණුනා. මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව ඇති දරුණුම කොවිඩ් ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා. 

පෙර පැවති කොවිඩ් ප්‍රභේදයන්ට වඩා දෙගුණයක වේගයකින් පැතිර යන මෙම ප්‍රභේදයට මිනිසාගේ ශ්වසන පද්ධතිය තුළ වැඩි වේලාවක් ‍රැඳී සිටීමට හැකියාව ඇති බැවින් මෙම ප්‍රභේදය ඉතා දරුණු විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. 

ලොව පුර රටවල් 80කින් සොයා ගෙන ඇති මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමක් දක්නට ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය තුළයි. 

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් මෙම ප්‍රභේදය ආසාදිත වූවන් 60%ක්ම වාර්තා වී ඇති බැවින් සංචරන සීමා දීර්ඝ කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශය ආශ්‍රිතව පුද්ගල ජෛව සාම්පල් 8ක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර ඉන් 05ක්ම මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් බව හඳුනාගැනුනා. විශේෂිත වූ පී.සී.ආර් කට්ටල හරහා පුද්ගලයින්ට ආසාදිත වෛරස් ප්‍රභේද මොනවාද යන්න ඉක්මනින් හඳුනා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. 

මෙම මාරාන්තික වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපැඳීම අනිවා බව ඒ මහතා වැඩි දුරටත් පවසනවා. අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොවන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මෙම ඩෙල්ටා ප්‍රභේදය දැනට භාවිතා වන කොරෝනා මර්දන එන්නත්වලට ප්‍රතිචාර දැක්වීම ද අනෙක් ප්‍රභේදවලට වඩා යම් මට්ටමක අඩුවක් පෙන්නුම් කරන බව ද මෙම ප්‍රභේදය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බව ද දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. 

මෙම හේතූන් මත ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇති විය හැකි භයානක තත්ත්වය මඟහරවා ගැනීමට පවතින සංචරණ සීමා දීර්ඝ කර තව දුරටත් රට වසා දැමිය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu