gossiplanka alexa කොරෝනා නිසා දරුවන්ට ඉතා භයානක තත්ත්වයක්, දෙමව්පියන් අවධානයෙන් සිටින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා දරුවන්ට ඉතා භයානක තත්ත්වයක්, දෙමව්පියන් අවධානයෙන් සිටින්න

කොරොනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති දෙකක් සති හයක් අතර කාලයේ දී බරපතල රෝගී තත්ත්වයක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා. 

මෙම රෝගය පසුගිය 2020 අවුරුද්දේ දී එංගලන්තයෙන් මුලින්ම හමුවී ඇති අතර මේ වන විට එම රෝගය ලංකාවටත් පැමිණ ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ. 

අවුරුදු 8ත් 15ත් අතර දරුවන් හය දෙනෙකු මෙම රෝගය වැළඳී දැඩි සත්කාර ඒකකයේ පසුවනවා. රට පුරා ව්‍යාප්තව ඇති බවට සැක කරන මෙම රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. 

''මුලදී දැඩි ඇගේ අමාරුවක් සමඟ උණ හටගන්නා අතර බඩේ කැක්කුම, වමනය, පාචනය වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ මතුවනවා. සමහරවිට දෙමාපියන් ද දරුවාට කොවිඩ් වැළඳී ඇති බව නොදන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ඇස් රතුවීම, ශරීරය පුරා දද වගේ තත්වයක් මතුවීම වැනි රෝග ලක්ෂණ මතු විය හැකියි. මෙහි ඇති භයානමක තත්ත්වය තමයි  දරුවාගේ හෘදය වස්තුවට ඇතිවන බලපෑම නිසා රුධිර පීඩනය අඩු වීමෙන් දරුවා මිය යෑමට පවා ඉඩ තිබීමයි''

දරුවන්ට උණ, පාචනය, බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ තියෙනවනම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න. පරක්කු කරනවා කියන්නේ දරුවාගේ ජීවිතය අනතුරකට හෙළීමක්. දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් රාගම සහ කොළඹ අවට ප්‍රදේශවලින් පැමිණි අය. ශරීරය පුරා පවතින විවිධ අවයව වලට මෙයින් බලපෑම් ඇති විය හැකියි. කොරෝනා තත්ත්වය නිසා බොහෝ පිරිසක් රෝහල්වලට පැමිණීමට මැලිකමක් දක්වනවා. නමුත් දරුවන්ට මෙවන් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වහාම රෝහල වෙත පැමිණිය යුතුමයි''

විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්තමහතා වැඩි දුරටත් පවසා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu