gossiplanka alexa ඉන්දියාවේ සිට මගීන් ‍රැගත් ගුවන් යානයක් ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ සිට මගීන් ‍රැගත් ගුවන් යානයක් ලංකාවට

න්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද අලුයම ක‍ටුනායක ගුවන් තො‍ටුපොළ වෙත පැමිණි බව න්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු තහවුරු කරනවා. මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික මගීන් 19 දෙනෙකු ඇතුළුව මගීන් 35 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ඇතුව මෙරට පැමිණ ඇති මෙම මගීන් පිරිස අද අලුයම අද අලුයම 12.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-273 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට අමතරව ඉන්දීය ජාතික ගුවන් මගීන් 16 දෙනෙකු ද එම ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බවයි සඳහන් වන්නේ. 

මෙම ගුවන් යානය අද අලුයම 2.15ට නැවත ක‍ටුනායක ගුවන් තො‍ටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ මගීන් 169 දෙනෙකු සමඟයි. එම මගීන් අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සහ ඉන්දීය ජාතිකයින් සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

අද වන විට ලෝකයේ සියළු රටවල් ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් අත් හි‍ටුවා තිබෙන මොහොතක ශ්‍රී ලංකාවට මෙලෙස ඉන්දියාවේ සිට ගුවන් මගීන් ‍රැගෙන එනු ලැබුවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu