gossiplanka alexa කොවිඩ් මැඩලීමට දැඩි තීන්දු තීරණ, රට වසා දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් මැඩලීමට දැඩි තීන්දු තීරණ, රට වසා දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

කොවිඩ් වසංගත තත්ත්වය මෙරට තුළ පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට අද (10) විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමි‍ටු ‍රැස්වීමක් පැවැත්වුණා. 

සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම කමි‍ටු ‍රැස්වීමට වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් සහභාගී වුණා.

  • පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වන පුද්ගලයින් නිවෙස්වලින් බැහැර යාම වැළැක්වීමට වැඩපිළිවෙලක් සකස් කිරීම
  • ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පහසුකම් කඩිනමින් ලබා දීම
  • කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරීම, මෙහිදී කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබා දීමට නියමිතයි. 
  • දිස්ත්‍රික් මට්ටමින් රසායනාගාර වැඩි කිරීම සහ එමඟින් පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම.
  • දේනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුනයක් දක්වා වැඩි කිරීම 
  • දැනට ලබාගෙන ඇති සාම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීම

යන තීරණ මෙම කමි‍ටු ‍රැස්වීමේ දී ගනු ලැබුවා. 

මේ අතර රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු ද යන්න සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන අතර කැබිනට් මණ්ඩලයේ එකඟතාව මත රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමට කටයුතු කරනු ඇති බව ආරංචි මාර්ග පවසනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu