gossiplanka alexa සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත ජූනි 07 වනදා දක්වා රට වසා දමනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත ජූනි 07 වනදා දක්වා රට වසා දමනවා ද?

extent-country-close-june07
සෞඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාප්තවන කොරෝනා වසංගතය පාලනය කිරීමට එක දිගට දින 14ක් රට වසා දමන ලෙසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ දෙසතියක කාලයක් රට වසා තබා සංචරණ සීමා පනවන ලෙසය. එසේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම පියවර නිර්දේශ කර තිබුණා. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥවරුන්ගේ සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ පවතින සියළුම සෞඛ්‍ය විද්‍යායතන පවසා ඇත්තේ ද දින 14ක් රට වසා දැමිය යුතු බවයි. තවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත පසුගිය 17 වන දින ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ රට වසා දමන ලෙසයි. 

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් පමණක් හුදකලා කිරීම ප්‍රමාණවත් බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශය වෙත චෝදනා කරමින් පවසන්නේ ඔවුන් නිවැරදි දත්ත නොදීම නිසා විශාල ගැටළුවක් ඇති වී තිබෙන බවයි. 

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද පවසන්නේ රට වසා නොදැම්මොත් දරුණු ව්‍යසනයක් රට තුළ ඇතිවන බවයි. 

මෙම සියලු කරුණු සලකා බලා ලබන ජූනි 07 වන දින දක්වා සංචරණ සීමා පැනවීමේ හැකියාව සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකායේ අවධානය යොමුව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu