gossiplanka alexa ලංකාව තුළ පැතිර යන වෛරස් ප්‍රභේදය ගැන අනාවරණයක්, එම ප්‍රභේදයෙන් ඉන්දියාවටත් දැඩි බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාව තුළ පැතිර යන වෛරස් ප්‍රභේදය ගැන අනාවරණයක්, එම ප්‍රභේදයෙන් ඉන්දියාවටත් දැඩි බලපෑම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමු වූ B.1.1.7.  නම් කොවිඩ් වෛරස් ප්‍රභේදය බවයි. 

මෙම වෛරසය සාමාන්‍ය සාර්ස් කොවිඩ් වෛරසයට වඩා 55%කින් වේගවත්ව පැතිර යන බවයි ජීවන්දර මහතා කියා සිටින්නේ. එසේම මෙම වෛරසය වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන්නේ තරුණ පිරිස්වලටයි. 

මේ වන විට ඉන්දියාව තුළද මෙම වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යන අතර පන්ජාබයේ 81%ක පිරිසකට ද දිල්ලියේ 50%ක පිරිසකට ද ආසාදනය වී ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදය බව වාර්තා වනවා. 

මෙරට තුළින් B.1.1.7. වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් පළමු වරට සොයා ගැනුනේ අප්‍රේල් මස 08 වෙනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි වැඩ බිමකින්. ව්‍යාප්තවන කොවිඩ් තත්ත්වය හමුවේ කොළඹ නගර සභා බලප්‍රදේශය, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගෙන් ලබා ගත් සාම්පල් 43ක් යොදා ගනිමින් සිදු කල පරීක්ෂණවල දී දැනට මෙරට තුල පැතිර යන්නේ B.1.1.7. වෛරස් ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu