gossiplanka alexa චීනයෙන් ගෙන් වූ සිනෝෆෝම් එන්නත තහනම් කරන ලෙස පෙත්සමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයෙන් ගෙන් වූ සිනෝෆෝම් එන්නත තහනම් කරන ලෙස පෙත්සමක්

චීනයේ නිෂ්පාදිත සිනෝෆෝම් එන්නත මෙරට භාවිතා කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මහජන ව්‍යාපාරය නමැති සංවිධානය විසින්.

මෙම පෙත්සමේ සඳහන් කරුණක් වන්නේ සිනෝෆෝම් එන්නත මෙරට තුළ භාවිතය සඳහා අනුමත කිරීමට විරුද්ධ වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පත් කළ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉවත් කර ඇති බවයි. එසේම එම ඉවත් කීරීම සිදු කරන විට ද සිනෝෆාම් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී නොතිබුණු බව ද එහි සඳහන් වනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එම අධිකාරියේ සාමාජිකයින්, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන,  ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu