gossiplanka alexa බ්‍රිතාන්‍යයේ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ ‍රැජිණියගේ සැමියා වන එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ පුවත ඊයේ (09)පෙරවරුවේ දී රජිණ විසින් ප්‍රකාශයට පත් කර තිබුණා. 

හෘදයාබාධයක් හේතුවෙන් ගිලන්ව සිටි පිලිප් කුමරු පසුගිය පෙබරවරියේ දි රෝහල්ගත කෙරුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 99ක්. එළඹෙන ජූනි 10 වන දිනට ඔහුගේ සිය වන ජන්ම දිනය යෙදී තිබෙනවා.
 
එළිසබෙත් මහ රජිණගේ සැමියා ලෙස වසර 65ක කාලයක් තිස්සේ සිය කාර්ය භාරය සැපිරූ එඩ්න්බරෝහි ආදිපාදවරයා දීර්ඝතම කාලයක් රාජකීය වල්ලභයෙකු ලෙස සේවය කල තැනැත්තා ලෙස බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයට එක්ව තිබෙනවා.

ග්‍රීක හා ඩෙන්මාර්ක රජ පවුලකින් පැවතැන පිලිප් කුමරු උපත ලැබුවේ ග්‍රීසියේ ය. ඔහු ප්‍රංශයෙන්, ජර්මනියෙන් සහ බ්‍රිතාන්‍යයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබ වයස අවුරුදු 18 දී බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ සේවයට බැඳී තිබෙනවා. එවකට 13 වියේ පසු වූ එළිසබෙත් කුමරිය සමඟ පෙමින් බැඳුණු ඔහුට ඇය හා විවාහ වීමට VI වැනි ජෝර්ජ් රජුගේ අවසරය හිමිවනවා. ඒ අනුව 1947 වර්ෂයේ දී ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවනවා.

2017 වර්ෂයේ දී පිලිප් කුමරු නිල රාජකාරිවලින් ඉවත්වන තෙක්ම විවිධ අංශයන් හි සමාජ සංවිධාන ‍රැසක කටයුතුවල නිරත වූ අතර දෙවැනි එළිසබෙත් ‍රැජිණට මහජනතාව සමඟ සමීප වීමට බොහෝ අවස්ථා සලසා දුන්නා.




 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu