gossiplanka alexa ඉන්දියාවේ තත්ත්වය ඉතාම දරුණු අතට, පොදු උද්‍යානවලත් ආදාහනාගාර - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ තත්ත්වය ඉතාම දරුණු අතට, පොදු උද්‍යානවලත් ආදාහනාගාර - PHOTO

න්දියාවේ සෞඛ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට වෛද්‍යවරුන් පවසනවා. එසේම එරට මාධ්‍ය අනාවරණය කරන්නේ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන්ද අඩාල වී ඇති බවයි. 

බොහොමයක් රෝහල්වල ඇඳන්වල රෝගීන් දෙතුන් දෙනෙකු සිටින අතර රෝහල්වලට ඇතුල් වීමේ අපේක්ෂාවෙන් බොහෝ දෙනා ආරෝග්‍යශාලා අසල පෝලිමේ ‍රැඳී සිටිනු දක්නට ලැබෙනවා.

ඔක්සිජන් සහ වෙනත් ඖෂධ ප්‍රතිකාර නොමැතිව රෝගීන් බොහෝ දෙනා මිය යමින් සිටිනවා.

අදාහනාගාරවල මළ සිරුරු එකතුවෙමින් පවතින බවත් සොහොන් පිටිවල ඉඩනොමැති බවත් සඳහන් වනවා. ආදාහනාගාරවල ඉඩ නොමැති බැවින් පොදු උද්‍යානවල පවා දර සෑ තනා මළ සිරුරු ආදාහනය කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

නවදිල්ලියෙහි පිහිටි රෝහල් ‍රැසක කොවිඩ් ආසාදිතව පැමිණෙන රෝගීන් භාර ගැනීම අත් හි‍ටුවා තිබෙනවා. එසේම එම රෝහල්වල ඇති ඔක්සිජන් ප්‍රමාණය තවත් පැය 02-03ක්ට පමණක් සීමා වී ඇති බවයි තොරතුරුවල සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ඉන්දියාවේ කොවිඩ් තත්ත්වයේ උච්ඡතම අවස්ථාව තවමත් උදා වී නොමැති බවත් අප්‍රේල් මස අවසානයේ දී සහ මැයි මාසයේ දෙවන සතියේ දී ඉතා අවදානම් කාලය එළඹෙනු ඇති බවත් විශේෂඥයින් අනාවැකි පළකර තිබෙනවා.

ඉන්දියානුවන් ලොව පුරා රටවලට පලායාම හේතුවෙන් එරටින් ව්‍යුත්පන්න වූ නව ද්විත්ව විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට රටවල් 21කින් වාර්තා වෙනවා. මේ නිසා බොහෝ රටවල් ඉන්දියාවෙන් මගීන් පැමිණීම තහනම් කර තිබෙනවා. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu