
එසේම තවත් පාසැල් තුනක ද පංති කිහිපයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්ති වීමේ අවදානම වැඩි විය හැකි බැවින් මාර්ග බාධක පනවමින් ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පියවර ගෙන තිබෙනවා.
අත්‍යාවශ්‍ය කරුණකට හැර ත්‍රිකුණාමලය නගරයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුකාරවරිය ජනතාවට දන්වනවා.
අත්‍යාවශ කරුණකට හැර සෙසු ගමන් බිමන් වල නිරත නොවන ලෙසත් ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම දැනට වකුගඩු රෝගීන් බොහොමයක් වර්තා වන ගෝමරන්කඩවල සහ පදවි ශ්‍රී පුර යන ප්‍රදේශවලින් ත්‍රිකුණාමලයට ඇතුල්වන ජනතාව හැක්තාක් සීමා කිරීමට කටයුතු සිදු කරන ලෙසයි ආණ්ඩුකාරවරිය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. වකුගඩු රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට කොවිඩ් 19 වෛරසය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබීම මෙයට හේතුවයි.