gossiplanka alexa ඉන්දියාව බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට, නවදිල්ලියත් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාව බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට, නවදිල්ලියත් වසා දැමේ

න්දියාවේ නවදිල්ලි නුවර ඊයේ (19) රාත්‍රී 10 සිට ලබන සඳුදා පෙරවරු 5 දක්වා සතියකට ආසන්න කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත් වීම හේතුවෙන්. 

රෝහල් ඇඳන්, ඔක්සිජන් සහ ඖෂධවල විශාල හිඟයක් ඇති වී තිබෙන බැවින් තත්ත්වය වඩාත් දරුණු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිල්ලියේ ඇතැම් පෞද්ගලික රෝහල්වල ඔක්සිජන් සංචිත අවසන් වී ඇති නිසා දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන්ට ඉතා ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මෙතෙක් දිල්ලියේ ආසන්නට ලැබුණු විශාලතම කොවිඩ් වර්ධන පිම්ම ඉරිදා දිනයේ වාර්තා වුණා. පී.සී.ආර් පරීක්ෂණවලට සහභාගී වූ සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුටම වෛරසය ආසාදිත බව අනාවරණය වුණා.

මේ අතර බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට ඉන්දියාවද ඇතුළත් කිරීමට එරට රජය විසින් තීරණය කර තිබෙනවා. රතු ලැයිස්තුවට අයත් වන්නේ බ්‍රිතාන්‍යයේ සංචාරය කිරිමේ රෙගුලාසි පනවන රටවල් ය.

ඒ අනුව ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් වනු ඇති. ලබන 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුගිය දින 10ක කාලයක් තුළ ඉන්දියාවේ සංචාරය කල පුද්ගලයින්ට මෙසේ තහනම පැනවෙනවා.

නමුත් බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙම තහනම නොපැනවෙන අතර බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත විදෙස් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට ද මෙම තහනම පැනවෙන්නේ නැහැ.

එසේ බ්‍රිතාන්‍යයට ඇතුළුවන පුද්ගලයින් රජයේ අනුමත හෝටල්වල දින 10ක කාලයක් නිරෝධායනය විය යුතුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu