gossiplanka alexa පමුණුව වෙළඳසැල් දෙකක් වසා දමයි, කොවිඩ් පොකුරු ඇති වීමේ වැඩි අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පමුණුව වෙළඳසැල් දෙකක් වසා දමයි, කොවිඩ් පොකුරු ඇති වීමේ වැඩි අවදානමක්

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 130ක් ඇසුරින් මෙම රෝගීන් සොයා ගෙන තිබෙනවා. 

අහඹු ලෙස ‍තෝරා ගත් පිරිසක් සහ කොවිඩ් වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් ඇ‍රැව්වල, රන්මල්දෙණිය, ගොරකපිටිය, බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙක් අප්‍රේල් 11 වන දින හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් සියල්ල එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් බව පැවසෙනවා.

මේ වන විට ආසාදිතයින් හඳුනාගෙන තිබෙන පමුණුව වෙළඳසැල් දෙකක් වසා දමා තිබෙනවා.

පසුගිය දිනවල කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වීම අඩු වුවත් මේ වන විට නැවතත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම නිසා කොව්ඩ් පොකුරු ඇති වීමේ වැඩි අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීම මහතා පවසනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu