gossiplanka alexa අප්‍රේල් 21 ට පෙර වැරදිකරුවන්ට දඬුවම් කරන්න, අගරදගුරුතුමාගෙන් අනතුරුඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අප්‍රේල් 21 ට පෙර වැරදිකරුවන්ට දඬුවම් කරන්න, අගරදගුරුතුමාගෙන් අනතුරුඇඟවීමක්

ප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් පාරට බසින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටිනවා. 

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ ඊයේ උදයේ පැවති පාස්කු ඉරුදින දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුව අගරදගුරුතුමා මේ බව පවසා සිටියා.

පාස්කු ප්‍රහාරයට වැරදි කරුවන් ලෙස නිර්දේශ වී සිටින පුද්ගලයින්ට තවමත් දඬුවම් ලබා දීමට ප්‍රමාද ඇයි දැයි අගරදගුරුතුමා එහිදී විමසා සිටියා.

''පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන මුකුත්ම කළේ නැහැ කියන චෝදනාවට ලක්වුණු පොලිසීයේ උසස් නිලධාරියෙකු අද සීනියර් ඩී.අයි.ජී කෙනෙක්ගේ පෝස්ට් එකේ කන්ද උඩරට ඉන්නවා. තව තව කොමිටි පත් කර හොය හොය ඉන්න කාරණාවක් නෙවෙයි මෙවා. මේවා ගැන වාර්තාවේ පැහැදිලිව තියනවා. එහෙනම් ඒක ක්‍රියාත්මක කරන්න. 

''මේ වගේ විනාශයක් කරපු,මේ විනාශය වළක්වන්න තමන්ගේ යුතුකම ඉෂ්ට නොකරපු නායකයින්, වගකිවයුත්තන් පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිලිවන නම් කරලා තියෙද්දි මාස ගණන් තවත් බලාගෙන ඉන්නෙ මොකටද කියලා මම ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අහන්න කැමතියි. මේ වැඩකටයුතුවලට සම්බන්ධ වුණු සමහර ඇමතිවරුන්, ගනුදෙනු කරපු අය බොහොම නිදැල්ලේ හැසිරෙනවා. ඒ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නවා. සහරාන්ලා එක්ක එදා හොඳට හිනා වෙවී ගනුදෙනු කරපු අය මේ. මේක ලොකු අපහාසයක් අපිට. අපේම ජනතාවට කරන අපහාසයක්. කරුණාකරලා වැරදිකාරයන්ට දඬුවම් කරන්න වහාම කටයුතු කරන්න. මේ පාස්කු ප්‍රහාරය ගැන අධ්‍යයනය කරන්න පත් කරපු කොමිෂන් සභා වාර්තාව ක්‍රියාවට නංවන්න''

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එසේම කිතුනු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වැරදිකරුවන් වන තුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu