gossiplanka alexa ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අඩු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අඩු කෙරේ

 1993 වසරේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ ආහාරවල විෂ රසායනික අත්දැයි සොයා බැලීම සඳහා  වූ නීතිය මේ දක්වාත් ක්‍රියාත්මක වන අතර ආහාර පනතේ ඇතැම් නීති වෙනස් වුව ද විෂ රසායනික අඩංගු ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායකයන් වසර 28ක් තිස්සේ වෙනස් වී නැහැ. 

ආනයනික පොල්තෙල්වල සම්මත අෆ්ලටොක්සීන් ප්‍රමාණය ඉක්මවා ඇති බවට තහවුරු වීමත් සමඟම ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සම්බන්ධයෙන් රට තුළ දැඩි කතා බහක් ඇති වුණා.

මෙරටට ගෙන්වන ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය  අංශු බිලියනයකට අංශු කොටස් 30කට අඩු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතිය ලෙස දැක්වෙනවා. 

එහෙත් පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ දී පොල් තෙල් අංශු ප්‍රමාණය මිලියන 100කට ඇෆ්ලටොක්සීන් අංශු 17ක් අඩංගු සාම්පල තුනක්ද, ඇෆ්ලටොක්සීන් අංශු 13ක් අඩංගු සාම්පල 13ක්ද ලැබී ඇති බව වාර්තා වනවා.

පවතින මෙම තත්ත්වය සලකා බලා මෙම නීති වෙනස් කරමින් ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 10කට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙක් පවසා සිටින්නේ මේ සඳහා වූ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu