gossiplanka alexa වෙළඳ ඇමති බදුර්දීන් කාලයේ විෂ පොල්තෙල්වලට අනුමැතිය ලබා දුන්නේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළඳ ඇමති බදුර්දීන් කාලයේ විෂ පොල්තෙල්වලට අනුමැතිය ලබා දුන්නේ කවුද ?

2016 ඔක්තෝබර් 07 වැනිදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොල්තෙල් කලවම් කර එහි අඩංගු සංඝටක ලේබලයේ සඳහන් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ආන්දෝලනාත්මක කතා බහකට ලක්ව ඇති පිළිකා කාරක සහිත පොල්තෙල් මෙම විශේෂ ගැසට් නිවේදනයේ ප්‍රතිපලයක් බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. 

අදාළ ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කටයුතු කරන ලෙස පොල් සංවර්ධන අධිකාරිය විසින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුම් දී ඇති බව සඳහන්. 

මිශ්‍රිත තෙල් වර්ගයක් නම් මිශ්‍රණයේ අඩංගු තෙල් වර්ගවල හා ඒවායේ අඩංගු ප්‍රතිශතයක් පිළිබඳ විස්තරයක් සමඟ එය මිශ්‍රිත කලවම් කල තෙල් බවට ප්‍රකාශයක් ලේබල් කල යුතු බව සඳහන් කර තිබීම අවශ්‍ය බව මෙම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

මෙමඟින් පොල්තෙල් මිශ්‍රිත ලෙස විකිණීමට අනුබලය ලැබී ඇති බවත් ඒ මඟින් පොල්තෙල්වල ප්‍රමිතියට බලපෑමක් වන බැවින් එම ගැසට් නිවේදනයෙන් පොල්තෙල් දැනටමත් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවත් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා. 

පොල්තෙල් මිශ්‍රකර එයට විවිධ සංඝටක එක් කල විට උෂ්ණත්වයේ දී එම සංඝටක පොල්තෙල්වලට පෙර උණුවීමට පටන් ගන්නා නිසා ආහාර පනත මඟින් ද පොල්තෙල් කලවම් කිරීම තහනම් කර ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කරනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද අවස්ථාවේ දී වෙළඳ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ රිෂාඩ් බදුර්දින් ය. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu