gossiplanka alexa ඉන්දියාවේ අවදානම් තත්ත්වය ඉතා උත්සන්න වෙයි, මිනිසුන් මහ මග මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ අවදානම් තත්ත්වය ඉතා උත්සන්න වෙයි, මිනිසුන් මහ මග මිය යයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව මේ වන විට ඉතා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. 

දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ 3,15,600ක්. එසේම ඊයේ දිනයේ දී පමණක් මරණ 2091ක් වාර්තා වී තිබුණා.

ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එරට සෞඛ්‍ය සේවය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති අතර කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ප්‍රතිකාර නොමැතිව මහ මග මිය යන තත්ත්වයක්ද උදා වී තිබෙනවා. 

මේ අතර බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන් තො‍ටුපල විසින් ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යය බලා පැමිණීමට අවසර ඉල්ලූ අමතර ගුවන් යානා වල ඉල්ලීම් ඉවතලෑමට තීරණය කර තිබෙනවා.

හෙට (23) වන දා සිට ඉන්දියාව සිය රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබුණා. එම නියෝගය නිකුත් කිරීමත් සමඟම ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගින්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu