gossiplanka alexa එන්නත්කරණයට සුදුසු පුද්ගලයින් සහ මෙරට ජනතාවට එන්නත ලබා දෙන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එන්නත්කරණයට සුදුසු පුද්ගලයින් සහ මෙරට ජනතාවට එන්නත ලබා දෙන ආකාරය

බන මැයි මස අවසන් වන විට කොවිඩ් 19 ට එරෙහි එන්නත එය ලැබීමට සුදුසු මෙරටේ සියළු ජනතාවට ලබා දී අවසන් කළ හැකි බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා. 
 
වයස අවුරුඩු 18ට අඩු දරුවන් සහ ගැබිණි මාතාවන් හැර අනෙකුත් සියළුම දෙනා මෙම එන්නත ලබා ගැනීමට සුදුස්සන් බව දැනට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙරට ජනගහනයෙක් 60%ක ප්‍රමාණයක් වන ලක්ෂ 132ක ජනතාවට මෙම එන්නත ලබා දීමට එන්නත් මධ්‍යස්ථාන 4000ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

දැනට ලබා එහන ඇස්ට්‍රාසෙන්කා එන්නත මඟින් රෝගය වෙනත් අයෙකුට බෝ නොවන බව නවතම පර්යේෂණ මඟින් වාර්තා වී තිබෙනවා.  ලක්ෂ 180ක එන්නත් ප්‍රමාණයක් මේ වන විටත් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබෙනවා. 

වරකට ලක්ෂ 30 බැගින් එම එන්නත මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇත්තේ එන්නතෙහි ගුණාත්මක භාවය හා ඊට අවශ්‍ය උෂ්ණත්ව පාඨාංකයන් නියමානුකූලව පවත්වාගත හැකිවන ලෙසින් බව සඳහන් වනවා. ඒ සඳහා මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමට නියමිතයි.

ශික්ෂණ රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා, මාතෘ හා ළමා සායන ඇතුළු දිවයින පුරා මධ්‍යස්ථාන 4000ක දී මෙම එන්නත් ජනතාවට ලබා දෙනු ඇති. එක් දිනක් තුළදී මධ්‍යස්ථාන 2000ක දී එක් මධ්‍යස්ථානයකින් පුද්ගලයින් 300 දෙනෙකු බැගින් දිනකට ලක්ෂ 6කට එන්නත් ලබා දීමටත් දින 20ක් තුළ එන්නතෙහි පළමු මාත්‍රාව ලක්ෂ 132ක ප්‍රමාණයකට ලබා දීමටත් කටයුතු සැලසුම් කරමින් පවතිනවා. 

ඉන්දියාවෙන් ආනයනය කරන එනන්ත් ප්‍රමාණය සහ ලක්ෂ 42ක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබීමට නියමිත කෝවැක්ස් එන්නත පෙබරවාරි මස අගදී සහ මාර්තුවේදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර ඇත්තේ.

මෙම එන්නත් ප්‍රමාණය පෙබරවාරි මස මැද වන විට ලැබුණහොත් පෙබරවාරි මස අගදීද, එසේ නොමැතිව මාර්තු මුල් සතියේ ලැබුණහොත් මාර්තු මුල සිට ද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පවසා තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත පළමු මාත්‍රාව පමණක් ලබාදීමෙන් අනතුරුව කොවිඩ් 19 සම්ප්‍රේෂණය වීම 67%කින් අඩු වී ඇති බවත් එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා දුන් පසු වෛරසය සම්ප්‍රේෂණය තවත් අවම වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

දැනට කොවිඩ් -19 වෛරසය ආසාදිත වී සුවය ලබා සිටින පිරිසගෙන් වෛරසය සම්ප්‍රේෂණය සිදු නොවුණද වැඩි ආරක්ෂාවක් සඳහා ඔවුන්ට ද එන්නත ලබා දෙන බව පැවසෙනවා.

එන්නත් ලබා දෙන සෑම පුද්ගලයෙකුටම කාඩ්පතක් ලබා දෙන අතර දෙවන මාත්‍රාව ලබාදෙන විට එම කාඩ්පත අනිවාර්යෙන්ම ‍රැගෙන යා යුතුවනවා. එන්නත ලබා දීමේ සියළුම තොරතුරු පරිගණකගත වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu