gossiplanka alexa ආරණ්‍යවාසී හිමි නමගේ මළ සිරුර රත්ගම කලපුවෙන් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරණ්‍යවාසී හිමි නමගේ මළ සිරුර රත්ගම කලපුවෙන් සොයා ගැනේ

ත්ගම, ක‍ටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ මල සිරුරක් ඊයේ රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයා ගනු ලැබුවා. උන්වහන්සේගේ සිරුරේ දෙපා වයරයකින් ගැටගසා ඊට කොන්ක්‍රීට් ගලක් ද එක්කර තිබූ බව පොලීසිය පවසනවා. 
 
උන්වහන්සේගේ දෙපාවල ගල් දෙකක්ම ගැට ගසා තිබූඅබ්ට සලකුණු ඇති බවත් ඉන් එක් ගලක් ජලයට වැටී ඇති බවට සැක කරන බවත් පරීක්ෂණ පවත්වන නිලධාරීන් සැක කරනවා.

නෙදරලන්තයේ ජිනරතන නමින් පැවිදිව සිටි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජීවත්ව ඇත්තේ මීට වසර 25කට පෙර බවයි වාර්තා වන්නේ. උන් වහන්සේ ශ්‍රී ලංකාවේ වසර අටක කාලයක් ජීවත්ව සිට ඇති අතර ආරණ්‍ය සේනාසනයට වැඩම කර ඇත්තේ ඒ අතර තුරදීය.

භාවනායෝගීව තනිව වැඩ සිටින ජිනරතන ස්වාමීන්වහන්සේ දානයට වැඩම කරන්නේ කුඩා ඔරුවකිනි. උන්වහන්සේ විසින්ම ඔරුව පැදගෙන විත් ඒ අවට ගම්මානවල පිණ්ඩපාතයේ යෙදෙන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ. 

ජිනරතනස්වාමීන් වහන්සේට දක්ෂ ලෙස පිහිනීමේ හැකියාවක් තිබෙන බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් උන්වහන්සේගේ අපවත්වූයේ කෙසේ දැයි වැඩි දුර විමර්ශනය සිදු කෙරෙන අතර එය ඝාතනයක් ද සිය දිවි හානි කර ගැනීමක් ද යන්නද විමර්ශනය කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu